බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුදුම හිතෙන කතාවක්… සිරිපා මහ මළුවේ සිට හෙලට පැන්න තරුණයා සීරීම් තුවාලයක්වත් නැතිව දින 05කට පසු නල්ලතන්නිය පොලිසියට පැමිණෙයි…

by editor
අප්‍රේල් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • සිරිපා මළුවට පැමිණි වෙලාවෙ ඉඳන් වෙච්චි කිසිම දෙයක් මතක නෑ… මතකය එනකොට වතුර පාරක් ලග වැටිලා හිටියා…

  • එතෙන්ට ආවේ කොහොමද කියලා හිතාගන්න බැරිවුනා… නැගිටලා වතුර පාර දිගේ පහළට ආවා… බඩගින්නක් ආවෙ නෑ… වතුර බිව්වා…

  • අන්තිමට තේ වත්තක් හම්බවුනා. තේ වත්තේ කට්ටියට කිව්වම පොලිසියට එක්ක ආවා… තරුණයා පොලිසියට කියයි! අතක් පයක්වත් තුවාල නොවී බේරුන හැටි හිතාගන්න අමාරුයි… විමර්ශන නිලධාරින් අපට කියයි! 

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා සීරිම් තුවාලයක්වත් නොමැතිව හමුවී ඇති ආකාරය ගැන කියන විශ්මය ජනක පුවත මෙසේ හෙළිදරව් කරමු.

හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තරුණියන් දෙදෙනෙකු සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණි දිනේෂ් හේමන්ත නැමති (33) හැවිරිදි තරුණයා ඉකුත් (19) දින උදැසන 10 ට පමණ ශ්‍රි පාද උඩ මළුවේ සිට රත්නපුර මාර්ගය ඔස්සේ පහලට දිවවිත් ආරක්ෂිත වැටෙන් පහළට පැන තිබිණි. ඔහු එසේ පනින ආකාරය ශ්‍රි පාද උඩ මළුවේ සවි කර ඇති ආරක්ෂිත කැමරාවේ සටහන්ව පැවතුනේය.

තරුණයා නිසැක ලෙසම පහළට ඇදවැටුනේය. ඒ ස්ථානය ගැඹුරු හෙළකි.   සිව් දෙනෙකුගෙන් යුතු නඩය සිරිපා කරුණාකර තිබුණේ හැටන් පාරෙන් පැමිණ නලලතන්නිය හරහාය. කම්පනයට පත් වූ   තරුණයා සමග පැමිණි කාන්තාවන් දෙදෙනා සහ දරුවා ද සමග ගොස් නල්ලතන්නිය පොලිසියේ පැමිණිල්ලක් දමා මේ  සිද්ධිය වාර්තා කරන්නේය. පැමිණිල්ල දමන්නේ දරුවාගේ මව වූ කාන්තාවය.  එම පැමිණිල්ල අනුව තරුණයා සිරිපා මළුව උඩට ගිය පසු සිටින්නේ සිහිමද ගතියකිනි. ඔහු එකිනෙකට ගැලපෙන්නේ නැති කතා කියූ බවත් මෙසේ මළුවෙන් රත්නපුර පාර පැත්තේ හෙළට පනින්නේ ඒ සිහි මද ගතිය අතරේ දී බවත් කාන්තා  පැමිණිල්ලේ සටහන් කරන්නේය.

මේ අතර අතුරුදහන් වු තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ 15 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් සහ නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් විශේෂ මෙහෙයුමක් දියත් කළේය.  තරුණයා පහලට පැන ඇති ස්ථානයේ සිට කඹ ආධාරයෙන් පහලට බැස  ඔවුන් මෙහෙයුම ආරම්භ කළේ 20 වැනිදා ය.

ඒ අතර තරුණයාගේ දුරකථනයේ සංඥා අනුව හඹා යන හමුදා කණ්ඩාමට එක්වරම ඒ සංඥා නැති වී ගියේය.  සංඥාව පැමිණි ස්ථානයේ ලේ පැල්ලමක් හෝ සැක කටයුතු කිසිම සලකුණක් මතු වූයේ නැත.  තරුණයා පැන තිබුණේ රත්නපුර දිස්ත්‍රික් මායිමෙනි. එබැවින් එහි පරීක්ෂණ කටයුතු පැවරී තිබුණේ සිරිපාගම පොලිසියටය. දුරකථන සංඥාත් නැවතී සියලුම සාධක අතුරුදහන් වී ඇති පසුබිමක මෙහෙයුම පවත්වා ගැනීමට නිමිත්තක් නැති වූයෙන් 21 වැනිදා අදාල මෙහෙයුම නවත්වා දැමීමට ආරක්ෂක අංශ තීරණය කළේය.  ආරක්ෂක අංශවලට යම් සැකයක් ඇති වී තිබුණේ සිහි විකල් වූ තරුණයා රක්ෂිතය දිගේ පහළට පැමිණ පලා යන්නට ඇති බවය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

තරුණයා අතුරුදහන් වී දවස් 05ක් ගතවූ අද  උදෑසන ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතු යායේ රාජමලේ ප්‍රදේශයෙන් විඩාපත් තරුණයෙක් හමුවී තිබිණි. වතු කම්කරුවන් ඔහුව නල්ලතන්නිය පොලිසියට කැඳවාගෙන ගොස් භාර දී ඇත. මේ රක්ෂිතයෙන් පැන අතුරුදහන් වූ සූරියවැව තරුණයා ය.

ඔහු පොලිසියට කියා තිබුණු කතාව කුතුහලය දනවන සුලුය. ඔහු කියන්නේ ඔහුට මතකයේ ඇත්තේ මළුවට නැග්ග අවස්ථාව පමණක් බවය. එතැනින් පසු කිසිම දෙයක් මතක නැති බවය. යළි ඔහුට මතකය එන අවස්ථාවේ  ඔහු සිටිය දියපාරක් අසල වැතිරී බවය. එතැනට පැමිණි ආකාරය ගැන කිසිම මතකයක් නොමැති බව පවසා ඇති තරුණයා තමන් අවට කිසිම කෙනෙක් නොසිටි බව පොලිසියට පවසා තිබිනි.

අනතුරුව ගලාගෙන එන දිය පාරේ වතුර බසින අතට දිය පාර දිගේ තමන් ගමන් කළ බව තරුණයා පවසා තිබිණි. කිසිම ආහාරයක් ලබා ගත්තේ නැති බවත් වතුර පමණක් පානය කළ බවත් ඔහු කීවේය. විඩා එනවිට නිදාගනිමින් වතුර පාර දිගේ එනවිට වතුර පාර ටිකක් පුළුල් වෙමින් ගලාගෙන යනු පෙනුන බවත් අවසානයේ දී තමන් තේවත්තක් දුටු බවත් ඔහු පොලිසියට කියා ඇත.

ඒ තේවත්තේ පුද්ගලයින්ට කතා කළ විට ඔවුන් තමන්ව පොලිසියට රැගෙන පැමිණි බව තරුණයා පවසා ඇත්තේය.

ගැඹුරු හෙළකින් පැන්න නමුත් තුවාලයකුදු නැතිව පුරා දින 05ක් කැලයේ රැඳී සිටිමින් අවසානයේ නල්ලතන්නිය පොලිසිය වෙත යොමු වූ තරුණයා පොලිස්  නිලධාරීන් විසින්   මස්කෙළිය රෝහලට ඇතුළත්  කර ඇත. අනතුරුව එතැනින් ඔහු  දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා තිබේ.

සිරිපාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රෆා නගරයට ප්‍රහාර එල්ල කිරීමට පෙර එහි ජනතාව ඉවත් කිරීමට ඊශ්‍රායලය සූදානම් වෙයි!

Next Post

කුරුණෑගල මාස්පොත නාලන්දෝදය ජාතික පාසලේ විදුහල්පතිවරයා සිය දිවි නසා ගනී!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.