ලකුණු 121ක පහසු ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ඕවර 16.5ක් තුළ කඩුලු 06ක ජයග්‍රහණයක් වාර්තා කළේය. මෙතෙක් පැවති තරග තුනෙන්ම් ඔස්ට්‍රේලියාව ජය ගත්තේය. දැනටමත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලිය ජය ගෙන හමාරය.
කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු රැකීම තේරුවේය.
ශ්‍රී ලංකාව කණ්ඩායමේ මුල් පෙළ යළිත් අසාර්ථක විය. පැතුම් පමණක් ලකුණු 16ක් ලබා ගත්තේය. යළිත් දනුෂ්ක ගුණතිලක අසාර්ථක විය. ඔහු ලකුණු 09කට දැවී ගියේය. චරිත් අසලංකත් නැවතත් අසාර්ථකය. ඔහු ලකුණු 06කි. කුසල් මෙන්ඩිස් ලකුණු 04කි. ලකුණු 100 සම්පූර්ණ නොකරනු ඇතැයි සිතූ කණ්ඩායම ලකුණු 121ක් කාරවත් රැගෙන ආවේ දිනේෂ් චන්දිමාල්ගේ ලකුණු 25 සහ දසුන් ශානක නොදැවී එක් කළ ලකුණු 39ය ය. පන්දු ඕවර 20 අවසන දී ලකුණු 121ක් කඩුළු 06 ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේය. කෙන් රචඩ්සන් පන්දු ඕවර හතරක් යවා ලකුණු 21ට කඩුලු 03ක් ද, ජොෂ් හෙසල්වුඩ් ඇස්ටන් ආගර්, ග්ලෙන් මැක්සෙවල් කඩුලු 01 බැගින් ද ලබා ගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ආරොන් ෆින්ච් ලකුණු 35ක් සහ ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 39ක් එක් කළහ. ජොෂ් ඉන්ගිස් ලකුණු 21ක් ලැබුවේය.
පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 04 තුළ ලකුණු 24ක් දී කඩුලු 03ක් දවා ගත්තේය. ජෙෆ්රි වැන්ඩර්සේ කඩුල්ලක් බිඳහෙළුවේය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු 19ක් ඉතිරිව තිබිය දී ලකුණු 124ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළේය.