දිනසේන රතුගමගේ –
දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයින් පිරිසක් එකතු වී එක්සත් ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් යාපනයේදී පිහිටුවා ගෙන තිබේ.
එම පක්ෂයේ සභාපතිවරයා ලෙස අප්පියා රාජවේන්දන් නැමති අය කටයුතු කරණ අතර ඔහු 2021 වසරේදී දෙමළ ඩයස්පෝරා නායක පුලේන්ද්‍රන් උදයකුමාර් විසින් පිහිටුවා ගන්නා ලද බහුජන සංවිධානයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන්ද කටයුතු කොට තිබේ.
ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මකවන දෙමළ ඩයස්පෝරාවේ මුදල් උතුරු නැගෙනහිර දෙමළ ජනයා වෙනුවෙන් වියදම් කිරීම මෙතෙක් සිදුව ඇත්තේ කිසිදු ක්‍රමවේදයකින් තොරව බවත් මින් ඉදිරියට එහි වගකීම තම දේශපාලන පක්ෂය වෙත බාරවන බවත් නව පක්ෂයේ සභාපතිවරයා යාපනය මාධ්‍ය සමාජ ශාලාවේදී මාධ්‍යවේදීන්ට අදහස් ප්‍රකාශ කරමින් ඊයේ ( 30 ) කියා සිටියේය.
දැනට තම දේශපාලන පක්ෂයට මැතිවරණ ඉලක්කයක් පිළිබඳව ඉතා පැහැදිලි අදහසක් නොමැති බවත් ඉදිරියේදී එළඹෙන මැතිවරණවලට අනුව ඒ ගැන සලකා බලන බවත් පක්ෂයේ සභාපතිවරයා එහිදී පැවසීය.
මෙම පක්ෂයට ජාතිභේද ආගම්භේද කුලභේද කිසිවක් නොමැති බවත් සියළු ජන කොටස් සමග කටයුතු කිරීමට හැකි වන පරිදි ඉදිරි කාලයේදී එක්සත් ජනතා පක්ෂයේ ශාඛාවන් හා සංවිධයකයින් දිවයිනේ සෑම නගරයක්ම ආවරණය වන අන්දමට පිහිටුවන බවත් පක්ෂයේ සභාපතිවරයා කියා සිටියේය.