කම්කරු දිනය සැමරීම සඳහා දේශපාලන පක්ෂ සහ සංවිධාන දිවයින පුරා රැළි සහ පෙළපාලි 40ක් සංවිධානය කර තිබේ.
තවද රට පුරා පැවැත්වෙන මැයි දින සැමරුම් උත්සව 19කි.
එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අද පස්වරු 2.00ට කොළඹ මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිට දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතය.
ජනාධිපති මාධ්‍ය අංශයට අනුව ජනාධිපතිවරයා අද මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතව අතර අද පෙරවරුවේ ලංකා කම්කරු කොංග්‍රසය සංවිධානය කරන මැයි දින රැළියට කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී සහභාගී වීමට ද නියමිතව ඇත. උදේ ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළියට සහභාගීවන ජනාධිපතිවරයා සවස එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට ඉන් අනතුරු සහභාගීවීමට නියමිතය.
ජාතික ජනබලවේගය කොළඹ, යාපනය, මාතර සහ අනුරාධපුර ප්‍රදේශවල මැයි රැළි හතරක් සංවිධානය කර ඇති බව විජිත හේරත් මන්ත්‍රීවරයා පවසයි.
සමගි ජන බලවේගය කොළඹ චැතැම්වීදිය සහ වතුකරයේ මැයි රැළි දෙකක් පැවැත්වීමට සැලසුම්කර ඇති බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේය..
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට සියල්ල සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි.