ශ්‍රියානි විජේසිංහ –
මැණික්හින්න රෝහලේ පසුගියදා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මටිටමින් සිදුකරන පරික්ෂණවලින් වරදකරුවන්වන සියලු දෙනාට තරාතිරම නොබලා දැඩි දඬුවම් දිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙවැනි සිදුවීමක් විමර්ශනය කිරිමට සංගමයට යාන්ත්‍රණයක් නොමැති නමුත් පොලිසියෙන් , අමාත්‍යංශ මට්ටමින් සිදුකරන පරික්ෂණවලදී වෛද්‍ය වෘත්තිය කෙලෙසන යම් වරදක් අදාල වෛද්‍යවරයා අතින් සිදුව ඇත්නම් සංගමයේ විනය මණ්ඩලයට යොමුකර මොහුගේ සාමාජිකත්වය අහෝසි කිරිමට කටයුතු කරන බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කරයි.
මෙම සිද්ධියට අදාල වෛද්‍යවරයා සම්බන්ධයෙන් සංගමය මේවන තෙක් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවත් මෙම වෛද්‍යවරයා ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් බව පෙනී යන බැවින් ඔහු සංගමයේ සාමාජිකයෙකු විය හැකි බවත් වෛද්‍ය අලුත්ගේ පැවසුවේය.
මෙම පරික්ෂණය සිදුකිරීමේදී අපක්ෂපාතීව විනිවිද භාවයකින් සිදුකළ යුතු බවත් රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන්ට අසාධාරණයක් නොවන ලෙස පරික්ෂණ සිදුවිය යුතු බවත් වරදකරුවන් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය කිසිවිටකත් පෙනී නොසිටින බවත් හෙතෙම කීවේය.