මහත් ආන්දෝලනයකට ලක් වූ මැණික්හින්න ග්‍රාමිය රෝහලේ ගැටුම සම්බන්ධයෙන් පුද්ගයින් හය දෙනෙකු අද (30) අත්අඩංගුවට ගත් බවත් ඔවුන් පොලිස් ආරක්ෂාව යටතේ මැණික්හින්න සහ පේරාදෙණිය රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටින බවත් පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් හය දෙනා අතර රොහල් කාර්ය මණ්ඩලයේ තිදෙනෙක් සහ බාහිර පාර්ශවයේ තිදෙනෙක් සිටින බවත් වාර්තා වේ.
ගැටුම සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ පොලීසියට හා මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය ගේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පත්කළ කණ්ඩායම ඊයේ (29) මැණික්හින්න ප්‍රාදේශීය රෝහලට ගොස් කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.
ගැටුමෙන් රෝහලේ දේපොළ වලට සිදුව තිබෙන හානිය සම්බන්ධයෙන් ද එම කණ්ඩායම වාර්තාවක් සකස් කර ඇති අතර එම වාර්තාව හෙට (01) මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත බාර දීමට නියමිතව තිබේ.