සුමිත් පොතුපිටිය –
හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සිය සැමියා මුදාහැරීම සඳහා සඳහා කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබාදීමට කටයුතු කළ බව කියන කාන්තාවක අද අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
කළුතර දකුණ දූෂණ මර්ධන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී ශ්‍රී රංගා විසින් සැකකරුව හෙරෝයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගෙන කළුතර දකුණ පොලිසියට රැගෙන විත් තිබේ
සැකකරු ටී ෂර්ටි එකක් ගෙන්වා ගැනීම සඳහා බිරිඳට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති අතර, විනාඩි 20 කට පමණ පසුව බිරිඳ පොලිසියට පැමිණ ඇතැයිද පොලිසිය කියයි.
පොලිසියේ දූෂණ මර්දන අංශයේදී එහි ස්ථානාධිපතිවරායට රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා දී හෙරෝයින් නඩුවෙන් සැකකරුව නිදහස් කරදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේය.
එහිදී දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයා ඒ සම්බන්ධව මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකාර බිරිඳවද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර සහ සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි, මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහගේ මෙහෙයවීමෙන් දූෂණ මර්ධන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී ශ්‍රී රංගා ඇතුළු නිළධාරීන් වැටලීම කර තිබේ.