හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට කොළඹ ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගැනීමට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාව සිටි වකවානුවේ දී පැවති මිල ගණන් අනුව රුපියල් මිලියන 27.4ක් වියදම් කර කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් ආකාරය සම්බන්ධව ප්‍රශ්න කරමින් මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබිණි.
නිවස මිලදී ගත් ආකාරය සම්බන්ධව ඔහු ප්‍රකාශ නොකිරීම හේතුවෙන් නඩුව ගොනු වී තිබිණි.