නවීකරණය කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කළ පාසල් සිසුවෙක් එහි තිබූ වලකට වැටී මරණයට පත්ව ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි.ගල්ගමුව මීගස් හන්දිය අසල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ගල්ගමුව පාළු කඩවල පදිංචි දාහත් වියැති (17) ඩබ්.එම්.චමෝද් වාසල යන අයයි.ඊයේ (01) පස්වරු හතට පමණ මෙම අනතුර සිදුව ඇත.
මේ දිනවල උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටස සම්පූර්ණයෙන්ම අලුත් වැඩියා කෙරෙමින් පවතී. ගල්ගමුව නගරයට ගොස් ඔවුන් ආපසු නිවස බලා එමින් සිට තිබේ.එසේ එමින් සිට ඇත්තේ නවීකරණය කරන ලද දුම්රිය මාර්ගය ඔස්සේයි. එම මාර්ගයේ “මරුවල ” නම් ස්ථානයේ බෝක්කුව ඉදි කෙරෙමින් පැවැති අතර එහි උඩින් ආවරණයක් තිබී නොමැත.අධික වේගයෙන් පැමිණි මෙම යතුරු පැදිය එම බෝක්කු වලට වැටී තිබේ .
මෙම අනතුරින් එම යතුරුපැදියේ ගමන් ගත් දාහත් හැවිරිදි එච් එම්. චානක තයනුක ජයරත්න හා විසි එක් වියැති විරාජ් දුලන්ජන වාසල යන අය සුළු තුවාල ලබා ගල්ගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති .
ගල්ගමුව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.