ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු කොවිඩ් -19 සඳහා වූ එන්නත් මෙරටට ආනයනය කිරීමට පෙර පුළුල් අධ්‍යයනයක් සිදු කර තිබේද යන්න පිළිබඳව සොයා බලන ලෙස ශ්‍රී ලංකා තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.
ඒ සිය කොවිඩ් -19 එන්නත රුධිර කැටි ගැසීම් සහ මරණයට හේතු විය හැකි දුර්ලභ අතුරු ආබාධයන් ඇති කල හැකි බව ඖෂධ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් ප්‍රථම වරට පිළිගෙන ඇති බවට විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇති පසුබිමකයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති මාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධන මේ බව සඳහන් කර තිබෙනවා.
කොවිඩ් -19 වසංගතය අතරතුර කාලයේ දී එන්නත් කිරීම අනිවාර්ය කර තිබූ අතර එන්නත් කළ බවට සාක්ෂි නොමැතිව පොදු ස්ථානවලට ඇතුළු වීමට ඉඩ නොදෙන බව සඳහන් වූ හෙයින් බොහෝ පුද්ගලයින් එම පීඩනය යටතේ එන්නත් ලබා ගැනීමට පොළඹවා ගෙන ඇති බව ඔහු පෙන්වා දී තිබේ. වසංගතය මැඩපැවැත්වීම සඳහා වන ප්‍රධාන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සහ අධීක්ෂණය කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට වඩා හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකුට ප්‍රමුඛත්වය දීමට ගත් තීරණය පිළිබඳව ද සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු සාකච්ඡාවක් ඇති වූ බව දක්වන ඔහු, ඇස්ට්‍රාසෙනෙකා සහ අනෙකුත් කොවිඩ් -19 එන්නත් ලබා ගන්නා ලෙස ජනතාවට බලපෑම් කිරීමෙන් රජය විසින් මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව පෙනී යන බව පවසමින් සහ එන්නත් භාවිතයෙන් ඇති විය හැකි බරපතල අතුරු ආබාධ වසන් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියේය.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සිට නැත.
කෙසේ වෙතත්, ගෝලීය පර්යේෂකයන් කොවිඩ් – 19 සඳහා එන්නත් කිරීමෙන් පසු ඇති වන අසාමාන්‍ය සංකූලතා පිළිගෙන තිබෙන අතර එන්නත් නොකිරීමේ අවදානමට වඩා එන්නත් කිරීම හේතුවෙන් ප්‍රතිලාභ ලැබී තිබෙන බව පෙන්වා දී තිබේ.