ජනාධිපතිවරයා විසින් අද දකුණු පළාත සහ වයඹ පළාත සඳහා නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු පත්කර තිබේ.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන දකුණු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙසත් හිටපු අමාත්‍යවරයෙකු වන නසීර් අහමඩ් වයඹ පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙසත් අද උදෑසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ.









