කීර්ති ප්‍රනාන්දු –
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
- ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 3කින් අඩු වී ඇත. පැවති මිල රුපියල් 371 කි. නව මිල රුපියල් 368කි.
- ලංකා පෙට්‍රල් 95 ලීටරය මිල රුපියල් 20කින් අඩු වී ඇත. පැවති මිල රුපියල් 440කි. නව මිල රුපියල් 420කි.
- ලංකා සුදු ඩිසල් ලීටරයක මිල රුපියල් 30කින් අඩු වී ඇත. පැවති මිල රුපියල් 363කි. නව මිල රුපියල් 333කි.
- සංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක මිල රුපියල් 09කින් අඩු වී ඇත. පැවති මිල රුපියල් 386කි. නව මිල රුපියල් 377කි.
- ලංකා භූමිතෙල් මිල රුපියල් 30කින් අඩු වී ඇත. පැවති මිල රුපියල් 245කි. නව මිල රුපියල් 215කි.
මේ මිල ගණන්වලට සාපේක්සව සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද පහත දමා තිබේ. මේ අතර ලංකා අයි.ඕ.සී සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව පහළ දමන බව නිවේදනය කර ඇත.