කටුනායක ජී.ටී.කපිල-
එක්සත් ජාතික පක්ෂයේ මැදි දින රැළියෙන් පසු පැවැත්වෙන සංගීත සංදර්ශනය ප්‍රසංගයට සහභාගී වීම සඳහා ඉන්දියාවේ සිට ගායක ගායිකාවන් පිරිසක් ඊයේ (30) කටුනායක ගුවන් තොටුපලින් මෙරටට පැමිණ තිබේ.
විජේ බාල ක්‍රිෂ්ණන්, රම්‍යා නාගර්කෝවිල්, ඩැනියෙල් ජෙයරාම්, සහ රෙෂ්මා සුන්දරම් ඒසේ පැමිණ ඇති ගායන ශිල්පීන්ය.
ඊයේ චෙන්නායි සිට ලංකාවට පැමිණි ශ්‍රි ලංකන් ගුවන් සේවයේ යූ.ඒල් – 122 දරන ගුවන් යානයෙන් මෙම ගායන ශිල්පීන් ලංකාවට පැමිණ සිටි අතර ඔවුන් පිළිගැනීමට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ.
එක්සත් ජාතික පක්ෂ මැයි දිනයට සමගාමී සංගීත ප්‍රසංගය කොළඹ මාළිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය.
ප්‍රසංගයට සහභාගී වීම සඳහා ඉන්දීය සංගීත ශිල්පීන්වන ධර්මර් සත්‍යප්‍රකාශ්, සහ නුරානී වර්ෂා ද අද ලංකාවට පැමිණීමට නියමිතය. – දිනමිණ