අමායා උඩුවැරැල්ල –
අද අලුයම දකුණු චීනයේ අධිවේගී මාර්ගයක කොටසක් කඩා වැටීමෙන් මෝටර් රථ පෙරළී ගොස් සිදු වූ අනතුරක් හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම අනතුර සිදු වූ ග්වැන්ග්ඩොන්ග් පළාතේ මෙයිජෝ නගරයේ බලධාරීන්ගේ ප්‍රකාශයකට අනුව අධිවේගී මාර්ගයේ මීටර් 17.9 ක් පමණ දිග කොටසක් කඩා වැටීම නිසා මෝටර් රථ 18 ක් බෑවුමකින් පහලට වැටී තිබෙනවා. එරට මාධ්‍ය සඳහන් කර තිබෙන ආකාරයට මෙම සිදුවීම සිදුව ඇත්තේ අද අලුයම 2 ට පමණ ය.
චීනයේ නිල පුවත් ඒජන්සියට අනුව අද පස්වරුව වන විට මියගිය සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ග්වැන්ග්ඩොන්ග් පළාතේ ඇතැම් ප්‍රදේශ වලට පසුගිය සති දෙක තුළ වාර්තාගත වර්ෂාපතනයක් සහ ගංවතුරක් මෙන්ම හිම කැට වර්ෂාවක් ඇදහැලී තිබෙන බව වාර්තා වනවා. මෙයිජෝ හි ඇතැම් ගම්මාන ද අප්‍රේල් මස මුලදී ගංවතුරට ලක් ව තිබූ අතර පසුගිය දිනවල ද එහි අධික වර්ෂාවක් දක්නට ලැබුනු බව සඳහන් වනවා.
ගලවා ගැනීමේ සේවාවන් විසින් පුද්ගලයන් 30 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.







