සුමිත් පොතුපිටිය –
කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.
උදෑසන සිට මුහුද රළු වීම නිසා ආබෲ මාවත ප්‍රදේශයෙන් මුහුද ගොඩගලා තිබීම හේතුවෙන් වෙරළේ ගාල්කර තිබූ ධීවරයාත්‍රා සියල්ලම ආබෲ මාවත ප්‍රදේශයෙන් ගොඩට ඇදීම නිසා ආබෲ මාවතේ ගමනාගමන කටයුතු මුළුමනින්ම අවහිරව තිබේ.
අධික රළ දිගින් දිගටම වැඩිවීම නිසා ආබෲ මාවතේ කොටසකටද හානි සිදුව ඇති ආකාරය මෙන්ම ආබෘ පාලමට ද දැඩි හානි සිදුවෙමින් පවතීන අයුරු දැක ගත හැකි විය
වෙරළේ තිබූ පොල් ගස් කිහිපයක්ද මුහුදට ගසා ගෙන ගොස් ඇති අතර, එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නියුතු කර්මාන්තකරුවන්ගේ දේපල ද මුහුදු රළට හසුවෙමින් පවතී.
ධීවර යාත්‍රා මුහුදට ගසාගෙන යාම වැළැක්වීම නිසා ධීවරයාත්‍රා ගොඩබිමට ඇද ඇති ආකාරයද දැකගැනීමට හැකිවිය.