පැතුම් නිස්සංක, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් පස් දෙනා විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයට කැඳවා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(01) නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් ඒ බව මාධ්‍යයට ප්‍රකාශ කළේය. එමෙන්ම ශ්‍රී ලංකා සංචිතයට නම් කළ ලහිරු මධුසංක ආබාධයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් වෙන බව ද එම නිවේදනයේ දක්වා තිබේ.
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අනිද්දා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
එක්සත් අරාබි එමීර්හී සත්කාරකත්වයෙන් විස්සයි 20 තරගාවලිය පැවැත්වේ.