එංගලන්තයේ එම්.සී.සී හෙවත් සුප්‍රකට මැරලිබෝර්න් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපති ධූරය දැරූ කුමාර් සංගක්කාර වසර දෙකකට අධික කාලයකට පසු එම තනතුරට සමු දුන්නේය.
2020න් අවසන් වීමට තිබූ කුමාර් සංගක්කාරගේ ධුර කාලය පවතින ගෝලීය වසංගත තත්වයත් සමග තවත් වසරකින් දීර්ඝ කෙරුනේය.
කුමාර් සංගක්කාරගෙන් පසු එම තනතුරට පත් වන්නේ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක වන ක්ලෙයාර් කොනර් ය.
වසර 234ක ඉතිහාසයක් සහිත මෙම ක්‍රීඩා සමාජයේ පළමු කාන්තා සභාපතිවරයා ඇය ය.







