මේ වනවිට ලියුකේමියාවෙන් පීඩිතව මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන ශ්‍රි ලංකා ජාතික බැඩ්මින්ටන් ක්‍රීඩිකා ඕෂධී පුර්ණිමා කුරුප්පු ගේ ජිවිතය බේරා ගැනීමට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ ඉදිරිපත් වී හිඳී.
ඇය අවසන් වරට ඉකුත් නොවැම්බර් මස නේපාලයේ කත්මන්දු නුවර පැවැති සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට බැඩ්මින්ටන් රිදී පදක්කමක් දිනා දුන්නාය.
ඕෂධී පූර්ණිමා කුරුප්පුගේ සුවදුක් බැලීමට ක්‍රීඩා ඇමැතිවරයා අද (24 දා) මහරගම අපේක්ෂා රෝහලට ගියේය.
ඕෂධී පුර්ණිමා මෙම පිළිකා රෝගී තත්වයෙන් බේරා ගැනීම සඳහා රුපියල් මිලියන 10 ක මුදල් අවශ්‍යව ඇති අතර එම මුදල් ඇයගේ සමීපතමයන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සහ පුද්ගලික හැඳුනුම්කම් ඔස්සේ එකතු කිරීම අරඹා තිබිණි.
එහිදී ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ විසින් ඇයගේ ශල්‍යකර්මයට යන ඉතිරි මුදල් සොයා දීමට ඉදිරිපත් වූයේය. එම මුදල් පුද්ගලික ආයතන සම්බන්ධ කරගනිමින් සොයා ගැනීමට ඇමැතිවරයා අදහස් කරගෙන තිබේ.
2005 වසරේ සිට ජාතික බැඩ්මින්ටන් කණ්ඩායම නියෝජනය කරමින් සිටින ඕෂධී රටට ජයග්‍රහණ රාශියක් අත්කර දුන් ක්‍රීඩිකාවකි.