ක්‍රිකට් ක්‍රීඩකයන් සිගරට් උරමින් ජීව බුබුල කඩමින් රෑ මැදියමේ එංගලන්තයේ වීථි පුරා ඇවිද යාමේ සිද්ධියේ රස්නය නිවී යාමටත් පෙර මලල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද එවැනි සිද්ධියකට මැදිහත් වී ඇතැයි වාර්තා වේ.
පසුගියදා ඉන්දියාවේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වී ආපසු පැමිණි මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිරෝධායනය සඳහා සුගතදාස හෝටලයේ රඳවා සිටියදී බීමත්ව හැසිරුණු බවට පැම්ණිල්ලක් ලැබී ඇත.
බීමත්ව හැසිරුණු පිරිස අතර ක්‍රීඩිකාවන්ද සිටි බවක් කියවේ.
පසුගිය 03දා රාත්‍රියේ සිදුවී ඇති මේ සිදුවීම සම්බන්ධව ඊයේ (04) ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැමිණිලි කිරීමට සුගතදාස හෝටල් බලධාරීන් විසින් කටයුතු කර ඇත.
මේ පිළිබඳව ක්‍රීඩා ඇමති වරයාටද තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ