ඇෆ්ගනිස්ථාන් ආරම්භක පිතිකරු නජීබ් තාරකායි අද (6) සිය ජීවින ගමනට සමු දුන්නේය. මිය යන විට 29 හැවිරිදි වියේ පසුවූ නජීබ් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් එක්දින තරගයක් සහ විස්සයි විස්ස තරග 12 ක් නියෝජනය කර තිබුණි. ඔහු මිය යන්නේ පාර මාරුවෙමින් සිටියදී අවිනීත රියදුරෙකුගේ මෝටර් රථයකට යට වීමෙනි.
නජීබ් අවසන් වරට ක්‍රිකට් ත රගයකට සහභාගි වූයේ ඉකුත් සැප්තැම්බර් මාසයේදීය. එහිදී ඔහු ලකුණු 32 ක් ලබා ගත්තේය. අනතුරෙන් පසුව දැඩි සත්කාර ඒකකයේ දින තුනක් පමණ ප්‍රතිකාර ගත් නජීබ් ශල්‍යකර්ම කීපයකට ද මුහුණ දුන්නේය.
මෙම මරණය සම්බන්ධව අෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය ව විශේෂ පණිවුඩයක් නිකුත් කළේය. ඔවුන් කීවේ ඇෆ්ගනිස්තාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිටි ආක්‍රමණශීලිම ආරම්භක පිතිකරුවා ජීවිතක්ෂයට පත්වීමෙන් ඔවුන් දැඩි කම්පනයට පත් වී සිටින බවය. සියල්ලටම වඩා වේදනාව වන්නේ ඔහු හොඳ මිනිසෙක් වීමය.