කොවිඩ් අර්බුදය හමුවේ ලොක්යේම සෑම රටකම ජනතාව ආර්ථික වශයෙන් දැවැන්ත පීඩාවන්ට ලක්ව ඇති නිසා සෑම රටකම සෑම වැඩිහිටියකුටම ජීවත් වීම සඳහා මූලික මුදල් ප්‍රදානයක් ලබාදීම පිළිබඳව වන අදහස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කෙරුණු ෆින්ලන්තය එය සාර්ථක වූ බවට පර්යේෂණාත්මක තොරතුරු හෙළි කිරීමෙන් අනතුරුව එය සෙසු රටවලද ක්‍රියාත්මක කරන ලෙස කෙරෙන ඉල්ලීම් වැඩි වී ඇති බව ද නිව් සයන්ටිස්ට් විද්‍යා සඟරාව පවසයි.
විශ්ව මූලික ආදායම (Universal Basic Income) නමැති සංකල්පය යටතේ මෙසේ සෑම පුදගලයකුට මුදල් ලබා දීමට අදහස කලකට පෙර පටන් ඉදිරිපත්ව තිබූ සංකල්පයකි.
එය මාටින් ලූතර් කිං විසින්ද ඉදිරිපත් කරනු ලැබ ඇති සංකල්පයක් වන අතර එය මුල් වරට ප්‍රෙයා්ගිකව අත්හදා බැලීමට ලක් කළේ ෆින්ලන්තයයි.
ඒ 2017 සහ 2018 වසරවල දී එරට වයස අවුරුද 25ත් 58ත් අකර රැකියා විරහිත පුද්ගලයන් දෙදහසක් තෝරාගෙන ඔවුන්ට පවුම් 650ක මාසික ආදායමක් ලබා දී ඒ මත මෙම පරයේෂනය සිදු කොට ඇත.
මෙම පුද්ගලයන්ට රැකියා අවස්ථා ලැබීම, වැටුල් වැඩි කිරීම් වැනි අවස්තා හමුවේ පවා කිසිදු වෙනසකින් තොරව මෙම ප්රදානය ලබා දී ඇති අතර එය එරට තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික පසුබිමද නිර්මානය කොට තිබේ.
මෙම පර්යේෂනාත්මක වැඩසටහනට අනුව ෆින්ලන්තය ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන ලෝකය පුරාම වයාප්ත කළ යුතු බවට මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිදානයේ විශේෂඥයෙක්ද යෝජනා කොට තිබේ.