අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකක් හා කොවිඩ් ආසාදිතයන් 467ක් වාර්තා වූ බව රජය කීවේය. කොවිඩ් ආසාදනයෙන් මිය ගොස් ඇත්තේ රත්නපුරයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. එක් පුද්ගලයෙක් මිය ගොස් ඇත්තේ නිවස තුළ දීය. අනෙක් තැනැත්තා රත්නපුර ශික්ෂණ රෝහලේ දී ය. එක් පුද්ගලයෙක් 86 හැවිරිදිය. අනෙක් තැනැත්තා 71 හැවිරිදිය. මේ වනවිට ලංකාවේ කොවිඩ් ආසාදිත මිය පුද්ගලයන් ගණන 215කි.
අද දිනට වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 467 සමග කොවිඩ් දෙන රැල්ලේ වාර්තා වූ සමස්ථ ආසාදිත සංඛ්‍යාව 41498 දක්වා ඉහළ ගියේය. අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 467න් 16ක් බන්ධනාගාර රැඳවියන්ය. ඉතිරි ආසාදිතයන් පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන බව රජය කීවේය.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වෙන්නේය.