හන්තාන සංවේදි කලාප ය අත්තනෝමතිකව පරිහරණය කිරිමට එරෙහිව , මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලක්ෂ්මන් කිරිඇල්ලට එරෙහිව බී 290/14/20 අංක යටතේ නඩුවක් ද හන්තාන කදුවැටියේ අඩි තුන්දහසකට ඉහළ අක්කර අටක භූමි ප්‍රමාණයක් ගස්කපා සුද්ධ කර මුඩු ඉඩමක් බවට පත්කිරිමට එරෙහිව හන්තාන සුරැකීමේ සංවිධානය විසින් රාජ්‍ය ආයතන හයක් වෙත චෝදනා එල්ල කරමින් මහනුවර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කල පැමිණිල්ල මත බී 8691/20 නඩුවක්ද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙයි.
කිරිඇල්ලට එරෙහි නඩුව ඉකුත් 14 වැනිදා ද , මහනුවර පොලිසිය විසින් රාජ්‍ය ආයතන හයට එරෙහිව ගොණුකල නඩුව ඉකුත් 16දා ද මහනුවර මහේස්ත්‍රාත් 11හිදි කැඳවිය.
එහිදි පොලිසිය මහේස්ත්‍රාත් වරයා හමුවේ කියා සිටියේ මෙවැනිම වූ තවත් නඩුවක් විභාගවන බැවින් මෙම නඩුව ඉවත් කර ගත හැකි බවය. නමුත් මහේස්ත්‍රාත්වරයා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ඉවත් කර ගැනීමක් අවශ්‍ය නොවන බවත් පසු විපරමක් සඳහා මෙම නඩුව තබා ගත යුතු බවත්ය. ඒ අනුව අදාල නඩුව යළි ඔක්තොම්බර් මස 11 වැනිදින කැඳවීම නියමිතය.
එදිනට ගඟවට ප්‍රාදේශිය ලේකම්, සත්ත්ව වනසංරක්ෂණ හා වෘක්ෂලතා අධිකාරිය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව , අඩෙවි වන නිළධාරි කාර්යයාලය , පතල් හා කැණිම් දෙපාර්තමේන්තුව , යන අය ප්‍රකාශ ලබා දිය යුතුය.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් ගොණු කල නඩුවට අදාලව කිරිඇල්ලට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඔක්තෝබර් අටවැනි දින අධිකරණයේ පෙනි සිටින ලෙස දන්වා තිබේ.