සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මාළු කාලා හමාරයි… වැල්ලේ සිට මුහුදට හූල්ලන ධීවරයින් අපට කියන කතාව…

by editor
මාර්තු 19, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

වැල්ලේ මිනිස්සු මේ රටේ සමස්ථ ජනතාව පෝෂණය කරති. ඒ තමන්ගේ බඩරස්සාවට ධීවර කර්මාන්තය කරන ගමන්ය. මෙරට භූමි ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් තුනෙන් එකක්, එනම්  වර්ග කිලෝමිටර් 21755ක් වෙරළ කලාපයකි.    වෙරළ කලාපයේ සියයට හැත්තැවක් අසුවක් පමණ ධිවර කර්මාන්තයට වෙන්වි ඇත්තේය. 

මෙරට ධිවර කර්මාන්තය අපේ රටට ඩොලර් උපයාදෙන    ප්‍රධාන  මාර්ගයකි..   රටේ දළදේශිය නිෂ්පාදනයට ඉන් ලැබෙන්නේ සුවිශේෂිවු දායකත්වයකි.  එමෙන්ම රට්ටුන්ගේ පෝෂණ අවශ්‍යතාවය  සපුරාලිම සදහා වැඩි දායකත්වයක් ලබාදෙන්නේත්  ධිවර කර්මාන්තයෙනි. ලක්ෂ 20කට  ආසන්න පිරිසක්  සෘජුව හෝ වක්‍රව මෙරට ධිවර කර්මාන්තයේ නිරතව  සිටිති.

දැන් මේ මිනිස්සු හාන්සිය. තෙල් මිල වැඩිවීම ධීවර කර්මාන්තය ගෙල ග්‍රහයෙන් ගෙන වනසා දමමින් තිබේ. ඉන්ධන, ගෑස්, භුමිතෙල්, අයිස් ,  මෙන්ම ධිවර ආම්පන්න මිල ද වැඩි වී තිබේ.  එය  ධිවර කාර්මිකයාට දරාගත නොහැකි  මට්ටමට පැමිණ ඇත. මින් ධිවර කර්මාන්තයට එල්ලවි ඇති බලපැම සුළුපටු නොවේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩිසල් හිඟය නිසා බහුදින යාත්‍රා විශාල සංඛ්‍යාවක් මුහුදු යාමට  නොහැකිව ධිවර වරායන්වල   නැංගුරම්ලා ඇත්තේය.  බහුදින යාත්‍රා හිමියන්ට සිය   යාත්‍රා සඳහා ඩිසල් ලබාගැනිමට දින ගණනාවක්  පොලිම්වලය.    ගාල්ල ධිවර වරාය තුළ පමණක් ඩිසල් ලබාගැනිමට  පොරොත්තු ලේඛණයේ සිටින   බහුදින යාත්‍රා ගණන 136කි.  මෙම තත්වය නිසා  මුහුදු රස්සාව කරගත නොහැකිව ධීවර කාර්මික පිරිස්  දැඩිව අසරණවී  සිටිති. 

අලුත් අවුරුදු සමය මාළු සඳහා ඉල්ලුම වැඩි කාලයකි. ඒ වෙළෙඳපල  ඉලක්ක කරගෙන  වැඩි මත්ස්‍ය අස්වැන්නක් නෙලාගැනිම සදහා  මාර්තු මාසයේ දි    බහුදින යාත්‍රාවලින්   ධිවර කාර්මිකයෝ   අති බහුතරයක්   රැකියා කිරීම සඳහා පිටත් වීමට පුරුදුව සිටිති.

මාර්තු මාසය තුළ ධිවර රස්සාව සදහා පිටත්ව යන බහුදින යාත්‍රා මත්ස්‍ය  අස්වැන්න නෙලාගෙන  ගොඩබිමට පැමිණෙන්නේ අප්‍රේල් මාසයේ  මුල්සතියේ දිය. ඒ පුරුදු ගමන නැවතී ඇත.  ඩිසල් හිඟය නිසා  බහුදින යාත්‍රා විශාල සංඛ්‍යාවක් ධීවර වරායන්වලය.      අලුත් අවුරුදු සමයේ දි මාළු කා හමාර බවට බහුදින යාත්‍රාහිමියන් අනතුරු අඟවමින් ඇත.   මේ දිනවලත්  මාළු ගිණි  ගණන්ය. ඉදිරියට මාළු ලෑල්ලක් ගාවින් වත් සාමාන්‍ය මිනිසෙකුට යන්නට හැකි වෙතැයි අපට නම් හිතෙන්නේ නැත.

මේ වනවිට  ඩිසල් මිල, ධිවර ආම්පන්න හා  අයිස් මිල වැඩිවිම නිසා  ඩිසල් ලිටර් 3000ක් භාවිතාකරනු ලබන බහුදින යාත්‍රා හිමියෙකුට    එක් මුහුදු ගමන්වාරයක් සදහා රුපියල් ලක්ෂ 03ක අමතර පිරිවැයක් දැරිමට සිදුවි තිබේ. ලිටර් 5000ක් භාවිතා කරනුු ලබන බහුදින යාත්‍රාවකට ඩිසල් සඳහා පමණක් රුපියල්  275000ක  අතිරේක වියදමක් දැරිමට සිදුවි ඇත. යෙදවුම් ගාස්තු සමග දැරිමට සිදුවි ඇති අතිරේක පිරිවැය රුපියල් ලක්ෂ 05කි.

ඉන්ධන හා ධිවර ආම්පන්න මිල වැඩිවිම නිසා ධිවර කර්මාන්තයට එල්ලවි ඇති බලපැම පිළිබද  ධිවර සංගම්වල නායකයින් කිහිපදෙනෙකු සමග අපි කථාබහකළෙමු. 

විජේන්ද්‍ර, රත්න ගමගේ , අජිත්…

සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ කීවේ  මෙවැනි කථාවකි.

“ඩිසල් හිඟය නිසා   රටේ ධිවර යාත්‍රා සියයට 50ක් 60ක් පමණ මුහුදු  රස්සාවේ යන්නේ නැහැ.  ඩිසල් මිල වැඩිවිම නිසා ඩිසල් ලිටර් 3000ක  භාවිතා කරන බහුදින යාත්‍රාවකට අමතරව රුපියල් 165000ක  අමතර පිරිවැයක් දැරිමට සිදුවෙලා තියෙනවා. අයිස් හොන්ඩරයක මිල රුපියල් 60කින් වැඩිකළා. අයිස් හොන්ඩර් 300ක් භාවිතා කළහොත් අමතරව රුපියල් 18000ක මුදලක් වැය කිරිමට සිදුවෙනවා. ධීවර ආම්පන්න සදහා බදුබර වැඩි කළා. ඒනිසා ධිවර කාර්මිකයාට තවත් අමතර පිරිවැයක් දැරිමට සිදුවෙලා තියෙනවා. පයිබර් කිලෝවක් රුපියල් 450ට තිබුණේ.  දැන් රුපියල් 800යි. සියයට අසුවකින් මිල වැඩි කළා. මේ නිසා ඩිසල් ලිටර් 3000ක් භාවිතා කරණ බහුදින යාත්‍රවකට රුපියල් ලක්ෂ 03ක අමතර යෙදවුම් ගාස්තුවක් වැය කිරිමට ධිවර කාර්මිකයින්ට සිදුවෙලා තියෙනවා..

අපේ රටේ මත්ස්‍ය අස්වැන්නට විශාල දායකත්වයක් ලබාදෙන්නේ බහුදින ධිවර යාත්‍. ලංකාවේ බහුදින ධිවර යාත්‍රා 5000ක් පමණ තියෙනවා. මෙම තත්වය යටතේ මේ යාත්‍රා ධිවර තොටුපොලවල්වල ගාල් කිරිමට සිදුවේවි . ඉන්ධන මිල වැඩි කරලා ධීවර කාර්මිකයාට මේ ආණ්ඩුව මගින් දෙකේ දෙකේ පොල්ලකින් තමයි පහරදිලා තියෙන්නේ.

කුඩා යාත්‍රා හිමියන් ද භුමිතෙල් මිල වැඩිකිරිම නිසා ගැටලු රැසකට ලක්වෙලා ඉන්නවා.  භුමිතෙල් හා ඩිසල් නැහැ. සමස්ත මත්ස්‍ය අස්වැන්න අඩුවෙලා. මාළු හිගයක් තියෙන බව පාරිභෝගිකයින් කියනවා. මාළු මිල වැඩිවෙලා. ආණ්ඩුවට කියනවා තෙල්මිල පහත හෙලන්න කියලා.“ 

බහුදින යාත්‍රා සදහා තෙල් සහනාධාරයක් ලබාදිය යුතු  බවද රත්න ගමගේ මහතා  කිවේය.

ඉන්ධන මිල වැඩිවිම නිසා ධිවර කර්මාන්තයට එල්ලවි  ඇති බලපැම සම්බන්දයෙන් හම්බන්තොට දිස්ත්‍රික් බහුදින යාත්‍රාහිමියන්ගේ  ධිවර සමුපාකාර සමිතියේ සභාපති  වයි ජි.අජිත් නිශාන්ත      කරුණු පැහැදිලි කළේ මේ අයුරිනි.

ඩීසල් නෑ… විදුලි අර්බුදය නිසා අයිස්වල ප්‍රමිතියක් නැහැ. ප්‍රමිතියෙන් තොර අයිස් තමයි ධිවරයාට භාවිතා කිරිමට සිදුවෙලා තියෙන්නේ. ධිවර රස්සාවෙ යන්න ඕන නිසා මේ අයිස් ධිවරයින් විසින් ලබාගන්නවා. ඒ අයිස්  ඉතා වෙගයෙන් දියවෙනවා. පැය තුනහරක් විදුලිය කපනවිට අයිස්වල ප්‍රමිතියක් නැහැ. අයිස් කැටයක් නිෂ්පාදනය කරන්න යන්නේ රුපියල් 110යි. නමුත් ධිවරයාට අලෙවි කරන්නේ රුපියල් 280කට. අයිස්මිල තිරණය කරන්නේ ධීවර රාජ්‍ය ඇමතිවරයා.

බෝට්ටුවලට අයිස් ලබා ගත්තද  ඉන්ධන නොමැති නිසා රක්ෂාවේ යාමට නොහැකි බහුදින යාත්‍රා විශාල සංඛ්‍යාවක් තංගල්ල, කුඩාවැල්ල, හම්බන්තොට, කිරින්ද, ගන්දර, මිරිස්ස   ධිවර වරායන්වල නැංගුරම් ලා තියෙනවා. වෙනදා සැපයු ඉන්ධන ප්‍රමාණය එම වරායන්වල කළමණාකරුවන්ට අද වනවිට සපයාගැනිමට නොහැකි තත්වයක් උදාවෙලා තියෙනවා.   ඉන්ධන හා අයිස් ලබාගන්න ධිවරයින් අතර තියෙන්නේ තරගයක්. 

මොනවා කළත් මුහුදු රක්ෂාවේ යන ධිවර කාර්මිකයින්ට මුහුදට ගිහින් උයාගෙන කන්න ගැස් නැහැ. වරායන්වල  ඇති ගැස් ගබඩාවල ගැස් නැහැ. මෙක ඉතා බරපතල තත්වයක්.  ධිවර ජනතාවට අවශ්‍ය ගැස් , ඉන්ධන, වහා ලබාදෙන්න කියලා අපි රජයට බල කරනවා. වෙනදා වසරකට බහුදින යාත්‍රාවක් ගමන්වාර 08ක් ගියානම් දැන් ගමන්වාර 04ක්වත් යන්න වෙන්නේ නැහැ. බහුදින යාත්‍රා හිමියන් බැංකුවලට ණය වෙලා ඉන්නේ. වාරික ගෙවන්න විදියක් නැහැ. ධිවර ආම්පන්නවල මිල බදු ක්‍රමය යටතේ ඉතා වේගයෙන් වැඩිවෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ආම්පන්න දැල් ගන්න නැහැ. වෙනදා රුපියල් 45000ට තිබු දැල්පීස් එකක් අද රුපියල් 83000යි.   ඉදිරියේ දි  සමස්ත ලංකා පොදුධිවර සම්මේලනය මගින්  රටපුර දැවැන්ත විරෝධතාවයක් කිරිමට අපි බලාපොරොත්තුවෙනවා.“  ජීවත් වීම සඳහා කිරීමට සිදුවී ඇති අරගලය අජිත් නිශාන්ත කිවේය.

මිගමුව බහුදිනයාත්‍රාහිමියන්ගේ සංගමයේ සහ මිගමුව දිස්ත්‍රික් ධිවර සංවිධානයේ සභාපති  ජොශප් පිටර් ප්‍රනාන්දුය. ඔහු  මෙසේ කිවේය.

ඉන්ධන මිලවැඩිවිම  බහුදින යාත්‍රාහිමියන්ට දැඩිලෙස බලපාලා තියෙනවා. ඔවුන් ඉන්නෙ විශාල අවදානමක.    අමතරව රුපියල් ලක්ෂ 03ක පමණ වියදමක් දරාගෙන මුහුදු ගිහින් මත්ස්‍ය අස්වැන්න   අඩුවුනොත් පාඩුව තවත් වැඩිවෙනවා.  

සංචාරක , ඇගලුම් කර්මාන්තය හැරුණුවිට රටට විදේශ විනිමය උපයාදෙන ප්‍රධාන  කර්මාන්තයක් තමයි ධීවර කර්මාන්තය. හරි කළමනාකරණයක් කරනවා නම් මේ රටම ගොඩ දාන්න පුලුවන් ධීවර කර්මාන්තයෙන් විතරක්.  කොවිඩි වංසගත කාලයේත් මත්ස්‍ය අපනයනය සිදුවුනා. මේ නිසා  ධිවර කර්මාන්තයෙන් විශාල විදේශවිනිමයක් අපේ රටට ලබා ගැනිමට හැකිවුනා. 

මේ වනවිට ඇති කරලා තියෙන්නෙ කෘත්‍රිම ව්‍යසනයක්. ආනයන සීමාවෙලා නිසා ධීවර අම්පන්නවල හිඟයි.. මිනිස්සුන්ට සල්ලි නෑ. මත්ස්‍ය අස්වැන්න අඩුවෙලා තියෙනවා. මාළු මිල ඉහලයාමේ වාසිය ධිවරයාට ලැබෙන්නේ නැහැ.   ධිවරයින් මුහුදු රක්ෂාවේ යාමට මැලිකමක් දක්වනවා.  ඉන්ධන   ගැස් නොමැතිකම නිසා   මේ වනවිට මිගමුව ධිවර වරායේ යාත්‍රා 200ක් පමණ නැංගුරම් ලා තියෙනවා.   යැයිද හෙතෙම කිවේය.

එක්සත් ධිවර හා ධිවර කම්කරු සංගමයේ  සභාපති  එම්. විජේන්ද්‍රය.  කුඩා ධිවර යාත්‍රා හිමියන්ට උදාවි ඇති තත්වය ඔහු විස්තර කළේ මේ අයුරිනි.

ලංකාවේ කුඩා ධිවරයාත්‍රා 35000ක් පමණ තියෙනවා.  ලංකාවේ තියෙන  මාළු වෙළදසැල්වලට, ලේල්ලම්වලට  හාල්මැස්සෝ සාලයා සුඩයා,, කුම්බලාව, හුරුල්ලෝ, ගල්මාළු  වැනි කුඩා මත්ස්‍යයින් සපයන්නේ  කුඩා යාත්‍රාවලින් ධිවර කර්මාන්තයේ යෙදෙන ධිවර කාර්මිකයින්. කුඩා  යාත්‍රා භුමිතෙල් වලින් තමයි දුවන්නේ. බොට්ටුව පණ ගැන්විම සදහා පෙට්‍රල් අවශ්‍යවෙනවා.   

භුමිතෙල් පෙට්‍රල් මිල තුන්වාතාවක් පමණ වැඩිවුනා. භුමිතෙල් මිල සියයට 30කින් පමණ වැඩිවුනා.    එක්දින යාත්‍රා සදහා දිනකට භුමිතෙල් ලිටර් 20ක් පමණ අවශ්‍ය වෙනවා. රුපියල් 5000ක් මසුන් ඇල්ලුවොත් තෙල් වියදම විතරක් රුපියල් 2500ක් විතර යනවා.  ඊට අමතරව කෑම වියදම, අයිස්  ඇතුළු යෙදවුම් සදහා විශාල වියදමක් දැරිමට සිදුවෙලා තියෙනවා.

භුමිතෙල් මිල වැඩිවිම නිසා එක්දින ධිවර කර්මාන්තයට මරුපහරක් වැදිලා. ඩොලර් අර්බුදය නිසා  තංගුස්, එන්ජින්, බිලිකටු  ඇතුළු ධීවර ආම්පන්න සියයට 30 40කින් වැඩිවෙලා.  ඉතිහාසයේ කවදාවත් මේ  අයුරින් ධීවර ආම්පන්න මිල  ඉහල ගියේ නැහැ.  

රුපියල්  සියයට එකසියපනහට ගත්තු මිලිමිටර්  06 මන්ද දැන් රුපියල් 350යි. කුම්බලාවෝ  පරව් අලන්න හතරපට දැල රුපියල් 10000කට ගත්තේ. දැන්  රුපියල් 26000 යි. ඩොලර් ප්‍රශ්නය පිටින් දමලා  දැල් ආම්පන්න ගෙන්වන සමාගම්  තමයි  මිල වැඩිකරලා තියෙන්නේ. හිතෙන හිතෙන මිලට දැල් ආම්පන්න අලෙවි කරනවා. රජයට මේ ගැන කිසිදු නියාමනයක් නැහැ. ධිවර අමාත්‍යංශය මේ සදහා මැදිහත් වෙන්නේ නැහැ. 

මාළුමිලත් දෙගුණයකින් වැඩිවෙලා තියෙනවා. පරා මාළු කිලෝවක් රුපියල් 1000කට අඩුවෙන් ගන්න බැහැ. මේ කාලයේ මත්ස්‍ය අස්වැන්නත් අඩුයි. මාළුවල මිල තිරණය කරන්නේ  මාළු වෙළඳුන්. අපිට ලොකු වාසියක් ලැබෙන්නේ නැහැ. ධිවර සංස්ථාවේ මැදිහත්විමක් නැහැ. අපි මුහුදවට ගිහින් නිකන් ඉන්නේ නැහැ. අලුතින් බෝට්ටුවක් දමන්න  ලක්ෂ 10ක් විතර  මුදලක් යනවා. මේ  නිසා එක්දින යාත්‍රා හිමියන් සඳහා භුමිතෙල් සහනාධාරයක් ලබාදෙන ලෙස   ඉල්ලා  සිටිනවා.“ එම්. විජේන්ද්‍ර කිවේය.

ගාල්ල දිස්ත්‍රික් ධීවර සංගමයේ  හා ගාල්ල ධිවර වරාය කමිටුවේ  සභාපති පි.බි ගාමිණිය. ඔහු තම දැවෙන ගැටලුව අපට කියන්නේ මෙසේය. 

“ගාල්ල ධිවර වරායෙන් මුහුදු යන  බහුදින යාත්‍රා 750ක් විතර තියෙනවා. ඉන්ධන ප්‍රශ්නය නිසා ඉන් සියයට 30ක් විතර තමයි මුහුදු යන්නේ.   ගාල්ල ධිවර වරාය සදහා දිනකට  ලැබෙන්නේ ඩිසල් ලිටර් 6400 ලෝඩ් තුනක් පමණයි. වෙනදා  ලොඩ් 10ක් විතර එනවා. දැනට ලැබෙන ඩිසල් ප්‍රමාණය අනුව බහුදින යාත්‍රා 09කටවත් ඩිසල් ගහන්න බැහැ.“

දකුණේ ධිවර සංවිධානයේ  සම්බන්ධීකාරක දුලිප් රංගජිව    සුළුපන්න ධිවර කාර්මිකයින් සමග කටයුතු කරණ  අයෙකි.

සුළුපන්න ධිවර කාර්මිකයින් භුමිතෙල් සොයාගන්නේ ඉතා අපහසුවෙන්. සුළුපන්න ධිවරයාට  සිය රැකියාව කරගෙන යාමේ දි කලින්ට වඩා රුපියල් 2000ක අමතර වියදමක් දැරිමට සිදුවෙලා තියෙනවා.  එමෙන්ම නීති විරෝධිපන්න භාවිතා කරන ධිවරයින් ඉන්නවා. නමුත් ඒ අයට   මහ මුහුදේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගාල්ල  හික්කඩුව බලපිටිය යන මුහුදුතිරවල තහනම් පන්න   ක්‍රම ක්‍රියාත්මක වෙනවා. නිලධාරින් මේ සදහා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ නිසා ධිවර කාර්මිකයින්ගේ ගැටළුවලට විසදුම් ලබාදිමට බලධාරින්ගේ අවධානය යොමුවිය යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නුවරඑළිය වසන්ත සැනකෙළිය උත්කර්ෂයෙන් සැමරීමට සූදානම්!

Next Post

ඉන්දියාවේ ණය ගනුදෙනුවෙන් පසු ශ්‍රී ලංකාව යළි චීනයෙන් ණයක් ඉල්ලයි!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.