විදේශ විනිමය අර්බුදය හමුවේ ණය ගෙවීම් කල්දැමීම සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ණය විධි විධාන ඇතුළුව ශ්‍රී ලංකාව චීනයෙන් වැඩිදුර මූල්‍ය ආධාර ඉල්ලා ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි.
ශ්‍රී ලංකාව මේ වසරේ ණය වාරික වශයෙන් පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් චීන බැංකුවලට ගෙවීමට නියමිතව ඇත.
තතුදත් ආරංචි මාර්ග පවසන පරිදි රට දැනට පවතින අර්බුදයෙන් මිදෙන තුරු මෙම ගෙවීම් කාලසටහන් නැවත කාලරාමුගත කිරීමට රජය චීන රජයේ සහාය ඉල්ලා ඇත.
මීට අමතරව, දේශීය කර්මාන්තවල පැවැත්ම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය චීනයෙන් මිලදී ගැනීමට රජය වෙනම ණය වැඩපිළිවෙළක් ඉල්ලා තිබේ.
මේ තත්ත්වය පිළිබඳව කළ විමසුමක දී චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තවත් මූල්‍ය ආධාර ඉල්ලා ඇති බවත් දෙපාර්ශ්වයම ඒ සඳහා කටයුතු කරමින් සිටින ආකාරය තහවුරු කළ හැකි බවත්ය.
මීට පෙර ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් ලබා ගත්තේය. එමෙන්ම ඉන්දියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ද ලබා ගැනීමට කටයුතු කර ඇත.