ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (11) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවට කැඳවා තිබේ.
එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ වලට අදාල විගණකාධිපති වාර්තාව සහ එහි කාර්ය සාධනය පිළිබඳව විමර්ෂණය කිරීමට නියමිත බවයි.
කමිටුව හෙට පස්වරු 2.00 ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.
මීට පෙර කිහිප වතාවක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.