යළිත් අහිමිරි පරාජයක් සමග දෙවන ටෙස්ට් තරගය නිමා වී ඇත. වාසනාවන්ත යැයි කී ගාල්ල ක්රීඩාංගනයේත් ක්රිකට් මලගමක් නිර්මාණය වී ඇත. ඇන්ජලෝ මැතිව්ස් ගේ ශතකය සමග මුල් ඉනිම ලකුණු 381ක් කරා යනවිට අඩුම තරමින් තරගය ජය පරාජයකින් තොරව නිමා කරගැනීමට හැකිවනු ඇතැයි ශ්රී ලාංකික ක්රීඩා ලෝලීහු සිතූහ.
දැන් සියල්ල අවසන්ය. එංගලන්ත කණ්ඩායම කඩුළු 6ක ජයග්රහණයක් අත්පත් කරගෙන ඇත. ශ්රී ලංකා කණ්ඩායමේ මුල් ඉනිමේ කඩුළු 10ම ලබා ගත්තේ වේග පන්දු යවන්නන්ය. එහෙත් ලසිත් ඇඹුල්දෙණිය කඩුළු 07ක් ද ඩිල්රුවන් පෙරේරා කඩුල්ලක් හා රමේෂ් මෙන්ඩිස් කඩුල්ල බැගින් කඩළු 2ක් ද සහිතව ලකුණු 344කට එංගලන්ත ඉනිම සීමා කළේය. ඒ 344න් 186ක් ජෝ රූට්ස් ලබා ගෙන තිබිණි. එංගලන්ත පිලේ කඩුළු 09ක් දවා ගත්තේ ශ්රී ලංකා දඟ පන්දු යවන්නන්ය.
දෙවෙනි ඉනිම සුපරුදු විලි ලජ්ජා නැති ක්රීඩා විලාශය ශ්රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබිණි. නව වැනි කඩුල්ල ලෙස පැමිණි ඇඹුල්දෙණිය ලකුණු 40ක් ලබා නොගන්නට ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 100 සීමාව පහුකරන්නට ලැබෙන්නෙ නැත. සියලු දෙනාම දැවී ශ්රී ලංකා ක්රීඩකයන් ලබා ගත්තේ ලකුණු 126කි.
ඩොම් බේස් කඩුළු 04ක්, ජැක් ලීචි කඩුළු 04ක්, ජෝ රූට් කඩුළු 02ක් ලබාගෙන තිබිණි. එංගලන් කණ්ඩායමට ඉතා පහසු ලකුණු 163ක ඉලක්කයක් ලැබී තිබිණි. කඩුළු 04ක් දැවී පහසුවෙන් ඔවුහු එම ඉලක්කය පසුකළහ. ජෝ රූට්ස් ලකුණු 46ක් නොදැවී ලබා ගත්තේය. ඩොම් සිබ්ලෙයි ලකුණු 56ක් නොදැවී ලබා ගත්තේය. ලබා ගත් කඩුළු 4න් 03ක් ලබා ගත්ත් ලසිත් ඇඹුල්දෙණිය විසිනි. එක් කඩුල්ලක් ඩිල්රුවන් පෙරේරා ලබා ගත්තේය.