එල්.පී.එල්. තරගාවලිය හෙට (26) ආරම්භ වේ. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කිංග්ස් සහ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් මහනුවර ටස්කර්ස් කණ්ඩායම් සමාරම්භක තරගයට පිවිසෙති.
කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරාගේ කරමතට මහනුවර කණ්ඩායමේ පිති ප්‍රහාරයේ වගකීම පැවරී තිබේ. මීට අමතරව දකුණු අප්‍රිකාවේ සිටි සුපිරිම වේග පන්දු යවන්නකු වන ඬේල් ස්ටේන්ද ඔවුන්ගේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරයි. එහෙත් ඩේල් ගේ පැමිණීම ප්‍රමාද වීමෙන් පළමු තරග කිහිපය ඔහුට මග හැරෙනු ඇත. කෙසේ වෙතත් ඉන්දියාවේ හිටපු ක්‍රීඩකයකු වන ඉර්ෆාන් පතන්ගේ තුන් ඉරියව් හැකියාව මහනුවර කණ්ඩායම සතුව තිබේ.
මහනුවර කණ්ඩායම ශක්තිමත් කිරීමට සීක්කුගේ ප්‍රසන්න, යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් නුවන් ප්‍රදීප් සහ ඩිල්රුවන් පෙරේරා එක්ව සිටිති. අසාමාන්‍ය ඉරියව්වකින් දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩකයකු වන කෙවින් කොක්තිගොඩටද මහනුවර සංචිතයේ ස්ථානයක් හිමිව ඇත.
එල්.පී.එල්. තරගාවලියේ ශක්තිමත්ම කණ්ඩායමක් බවට පත්ව ඇති ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කොළඹ කණ්ඩායමට පිතිකරුවන් වශයෙන් දිනේෂ් චන්දිමාල්, ඇන්ඩි්ර රසල්, මන්ප්රීට් සංග්ගෝනි ඇතුළත්ව ඇති අතර පන්දු යැවීම දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන සහ ධම්මික ප්‍රසාද්ගේ වෙත පැවරී තිබේ. ඇන්ජලෝ මැතිව්ස් සහ ඉසුරු උදානගේ තුන් ඉරියව් දක්ෂතාව ඔවුන්ගේ කණ්ඩායම විශාල ලෙස ඔසවා තබන්නට සමත් වී ඇත.
කණ්ඩායම් දෙකම දින තුනක් පුරා පුහුණුවීම් කළහ. ඊයේ සවස් වරුවේ සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට ඇද හැළුනු වර්ෂාවෙන් පුහුණුවීම්ලට බාධාවක් ඇති විය. නමුත් ජාතික කණ්ඩායමේ පුහුණු සැසිවලට සහභාගි වු දේශීය ක්‍රීඩකයන් එල්.පී.එල්. ආරම්භ වන විට අවශ්‍ය ආත්ම විශ්වාසය ගොඩනගාගෙන ඇත.
කොළඹ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වන හර්ෂල් ගිබ්ස් සහ මහනුවර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වන හෂාන් තිලකරත්න කටයුතු කරයි. ත් පුහුණුකරුවන් දෙදෙනාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල වූවන්ය. ඔවුන් එල්.පී.එල් වර්ණවත් කරනු ඇතැයි විශ්වාසයක් ඇති වී තිබේ.