සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අරත පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20 විස්ස ක්‍රිකට් තරගාවලිය අද (10) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වේ.
විදුලි ආලෝකය යටතේ පැවැත්වෙන මෙම තරග ආරම්භ වෙලා ලෙස කලින් රාත්‍රී 8 ලෙස දන්වා තිබුණත් එම වෙලාවන් සංශෝධනය වී ඇති බවත් රාත්‍රී 7ට තරගය ආරම්භ වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සවස 6.30 සිදුකෙරේ.
ජෛව බුබුලක් තුළ තරග වදින මෙම තරගාවලිය සඳහා ද ප්‍රේක්ෂක සහභාගීත්වයක් නැත.