බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉෂිනිට අස්වෙන්න හිතුන ජනපතිත් පැටලුන අලි අවුල ගැන පරිසරවේදීහු කියති….

by editor
සැප්තැම්බර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • වර්තමාන ජනාධිපති ආරක්ෂක ලේකම් කාලයේ සන්නසකින් අලි පැටියෙක් ලබාගෙන….

  • 2015 චන්දෙට කලින් අලි පැටියා ස්වේච්ඡාවෙන්ම සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පවරලා…

  • එම අලියත් නිදහස් කරන්න නියෝග ලැබුණට නිදහස් ඒ අලියා නිදහස් නොකර වෙනත් අලි පැටියෙක් පින්නවලින් නිදහස් කරන්….

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   වෙත සන්නසකින් පිරිනමන ලදුව දැනට සත්ත්වොද්‍යානයේ භාරයේ සිටින අලියා නිදහස් කරන ලෙස අධිකරණ නියෝගයක් ලබා දී තිබුණද මෙම අලියා වෙනුවට වෙනත් අලියෙක් රත්නපුර ප්‍රදේශයේ වෙනත් පුද්ගලයකුට නීති විරෝධී ආකාරයෙන් ලබා දීමට   ඊයේ (09) සත්ත්වෝද්‍යාන බලධාරීන් කටයුතු කර ඇතැයි පරිසරවේදීහු චෝදනා කරති.

මේ සිද්ධිය වාර්තා වන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයට අදාළව  අලින් ළඟ තබා ගැනීම සහ සොරකම් කිරීම සම්බන්ධයෙන් වූ නඩු කටයුතුවලට අදාළව ජාතික සත්ත්වෝද්‍යානය භාරයේ රඳවා සිටි අලි පැටවුන් 15 දෙනකු එම සතුන් ළඟ තබා ගත් අය වෙත ලබා දෙන ලෙස දුන් අධිකරණ නියෝගයත් සමගය.

මෙම අලින් 15 දෙනා අලින් නිති විරෝධීව ළඟ තබා ගත් පුද්ගලයන් වෙත ලබා දීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අදහස් දැක්වූ මෙම පරිසරවේදීන් චෝදනා කළේ එම නඩු කටයුත්තට කිසිදු සම්බන්ධයක් නොමැති අලියකු රත්නපුර පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචි චානක ජයසේකර නැමැත්තා වෙත ලබා දී ඇති බවය.

මෙය සිදුව ඇත්තේ මෙම ලබා දීමට විරෝධය පළ කළ සත්ත්වොද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ   ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දීමෙන් පසුව බවද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පරිසරවේදී සජීව චාමිකර පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ සජීව චාමිකර මහතා

“පසුගියදා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් ඉල්ලා තිබුණා, දැනට නඩු කටයුතුවලට අදාලව රජය භාරයේ රඳවා සිටින පුද්ගලයන් 12 දෙනකුට අයත් අලින් 13 දෙනකු වහාම අදාළ සතුන් ළඟ තබා ගෙන සිටින පුද්ගලයන්ට නිදහස් කරන ලෙස සහ එම පුද්ගලයන් නමින් එම අලින් නිදහස් කිරීම ගැන. මේ අධිකරණ නියෝගය ලබා ගැනීමට පදනම් කර ගත්තේ පසුගිය අගොස්තු 19 වැනිදා වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක්. ඒඅනුව නීතිපතිවරයා අධිකරණයට කරුණු කියල මේ සතුන් නිදහස් කරන්න අවසර ඉල්ලා තිබෙන්නේ.“

එක් අලියෙකුගෙ අයිතිකරු ගෙ ලිපිනයට තිබුණෙ ජනාධිපති තුමාගෙ මිරිහානෙ ගෙදර ලිපිනය

“කෙසේ නමුත් එම අධිකරණ නියෝගයෙන් අවසර ඉල්ලා තිබෙනවා, නුගේගොඩ මිරිහාන ලිපිනයක පදිංචි එන්.ජී රාජපක්ෂ යන අය වෙත ට සන්නසක් මගින් ලබා දෙන ලද දැනට සත්වෝද්‍යානය භාරයේ සිටින අලියකු ද මේ සමඟ අදාල පුද්ගලයාට ලබා දෙන ලෙස. “

“ඇත්තටම පරිසරවෙදීන් මෙම ලිපිනය බැලුවම ඒ වර්තමාන ජනාධිපතිතුමන්ගේ නිවසේ ලිපිනය. එතුමා ආරක්ෂක ලෙක්ම්වරයා ලෙස කටයුතු කරන කාලයේ  අලියකු රැක බලා ගැනීම සඳහා සන්නසක් මඟින් අලියකු ලබාගෙන තිබෙනවා. මේ අලියා 2015 ජනාධිපතිවරණය දිනයට පෙර ආසන්න දිනයක ස්වේච්චාවෙන්ම එතුමා යළි සත්ත්වොද්‍යාන දෙපාර්තමේන්තුවට පවරා දී තිබෙනවා. මෙම අධිකරණ නියෝගයෙන් මෙම අලියාත් යළි ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් වෙනත් පාර්ශ්වයක් පැමිණ මෙම අලියා වෙනුවට පින්නවල අලි අනාථාගාරයේ සිටින වෙනත් අලියකු බාහිර පාර්ශ්වයක් වෙත නීති විරෝධි ලෙස ලබා දී තිබෙනවා. “

“මේ ක්‍රියාව පසුපස වන ජීවි අමාත්‍යංශයේ ලේකම්වරයා සිටින බව ට වාර්තා වනවා. මෙම අලියා ලබා දී තිබෙන්නේ රත්නපුර පල්ලේබැද්ද චානක ජයසේකර නැමැත්තකුට.“ යයි සඳහන් කළේය.

රටේ නීතිය අනුව අලින්ට හිමි කරුවන් නෑ… ආචාර්ය ජගත් ගුණවර්ධන

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන   සඳහන් කළේ මෙම අලින් නිදහස් කිරීමට පදනම් කර ගත් පසුගිය 12 වැනිදා වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක අත්සන් කළ ගැසට් නිවේදනය මෙයනම් එම අලින් නිදහස් කිරීමට අධිකරණ නියෝගය ඉල්ලු රජයේ නීතිපතිවරයාගේ පදනම දෝෂ සහිත බවය.

“ රටේ නීතිය අනුව අලින්ට හිමිකරුවන් සිටීමට නොහැකියි, සිටිය හැක්කේ ඔවුන් රැක බලා ගන්නා භාරකරුවන් පමණයි. රජය සතු පොදු දේපළක් මේ අකාරයට එක් එක් අයට දෙන්න කියල ඉල්ලන්න නීතිපතිට බෑ. අනෙක් එසේ දෙනවා නම් අදාළ නඩු කටයුත්ත ඉවර කරල අදාළ ක්‍රමවේදය තුළ අයදුම් පත් කැඳවලා මේ භාරකරුවන්ට අලියකු රැක බලා ගැනීමේ හැකියාවක් තිබෙනවාද ආදිය සොයල බලල දෙන්න ඕන. “

“උදාහරණයකට මාතලේ අධිකරණයෙන් ප්‍රවා නීති විරෝධීය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනුණු අලියෙක් සිටිනවා. මෙ අලියා දැනට භාරකරුවා ලෙස සඳහන් කර තිබෙන්නේ අප දන්නා ආකාරයට ඇත්ගොව්වෙක්. අධිකරණයෙන් අවසර ඉල්ලන්නේ මේ ඇත් ගොව්වට අලියා පවරන්න කියල. නීතිපති හොයල බලල තිබෙනවා මේ නීත්‍යනුකූලව භාර දෙන පුද්ගලයාට අලියකු නඩත්තු කිරීමේ හැකියාවක් තිබෙනවද කියල.    නිතිපති කළ යුතුව තිබුණේ  නඩු කටයුත්ත අවසන් කර අයදුම් පත් කැඳවලා සොයා බලා සුදුසු අයට මේ සතුන් පැවරීමට අදාළ කටයුතු කිරීමයි.“

“මේ තත්ත්වය තුළ නිතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරයේ  දෝෂ සහිත බවක් තිබෙනවා. එයින්  අපේ නීති පද්ධතිය හෑල්ලුවට පත්වනවා.  නීතිය ක්‍රියාත්මක කරන අයට තමයි බරපතල ප්‍රශ්නයක් ඇති වන්නේ.“

“ අනෙක මේ නියෝගවල ඉල්ලීම් කරන්නේ රජයේ ප්‍රධාන නීති නිලධාරියා.  යම් කිසි ඉල්ලීමක් කරන්න කියල යම් පාර්ශ්වයක් නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියා නම් සේවා දායකයා කවුරු වුණත් නීතිපති බැඳිල ඉන්නේ අධිකරණයට සත්‍ය සහ අදාළ කරුණු වාර්තා කිරීමට. මොකද එය  රජයේ දෙපාර්තමේන්තුවක්. රටේ  මහජනයාට වගකියන්න ඉන්න ආයතනයක්.“

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා   20 විස්ස තරගාවලිය අද ඇරඹෙයි…

Next Post

රට යළි විවෘත කිරීමේ තීන්දු අද

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.