ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපතිවරයකු වන කේ. මතිවානන් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාට බාර දී ඇතැයි ‘ලංකාසර‘ට වාර්තා විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයේ විනිවිදභාවය ගැටලු සහගත බැවින් උපසභාපතිධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු සිය ලිපියේ සඳහන් කර ඇතැයි ද වාර්තා වෙයි.
වසර 2006 සිට 2008 දෙසැම්බරය දක්වා පැවැති ක්‍රිකට් අතුරු කමිටුවේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය. අනතුරුව 2012 වසරේ සිට ඔහු ක්‍රිකට් ආයතනයේ උපසභාපතිවරයකු ලෙස කටයුතු කරමින් සිටියේය.
කේ. මතිවානන් සහ රවීන් වික්‍රමරත්න මහත්වරු පසුගිය වසරේ පෙබරවාරියේදි ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් ආයතනයේ උපසභාපතිවරුන් ලෙස පත්වූහ.
දේශීය ක්‍රිකට් තරගාවලි සහ ක්‍රීඩා සමාජ සම්බන්ධව කටයුතු කරමින් ද, ජාත්‍යන්තර තරග සම්බන්ධව කටයුතු කරමින් ද මතිවානන් මහතා මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ පරිපාලකයන්ගේ ගෞරවයට පාත්රවී සිටියේය.