ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර්ට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ ජාතික සංචිතයට නම් කර ඇති ක්‍රීඩයකන් 35දෙනාම බරපතල කොවිඩ් අවදානමකට මුහුණ දී තිබේ.
පසුගිය දා පැවති සධීර සමරවික්‍රමගේ මංගලෝත්සවයට මේ සියලු දෙනාම සහභාගී වී ඇති බව වාර්තා වේ.
ඒ අතර අනිද්දා (05) පැවැත්වීමට නියමිත ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පිළිබඳව ගැටලුවක් මතු වී ඇත. කිරීමට නියමිත පී,සී.ආර් පරීක්ෂණවලින් පසුව ඉදිරි සැලසුම් ගැන තීරණය කරන්නට සිදු වී ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් මේ වනවිටත් ජාතික කණ්ඩායම නම් කරන තේරීම් කමිටුව පත් කර නැත.