වහාම ක්‍රියාත්මක වන පරිදි දඹුල්ල තන්ඩර්ස් ෆ්‍රැන්චයිස් හි හිමිකම් අයිතිය අවසන් කිරීමට කටයුතු කරන බව ලංකා ප්‍රිමියර් ලීග් (LPL) නිවේදනය කරයි.
ඉහත තීරණය ගෙන ඇත්තේ මෙම කණ්ඩායමේ හිමිකාරිත්වය දරන ඉම්පීරියල් ස්පෝර්ට්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ටමිම් රහ්මාන් මුහුණ දෙන නීතිමය ගැටලු සම්බන්ධ මෑතකාලීන වර්ධනයන් සැලකිල්ලට ගනිමින් බව එම නිවේදනයේ දැක්වේ.
නිව්ස් වයර් වෙබ් අඩවිය මේ පිළිබඳ වාර්තා කරමින් පෙන්වා දෙන්නේ රහ්මාන් ට එරෙහි චෝදනාවල විශේෂතා අපැහැදිලි බවය.
කෙසේ වෙතත් මෙම හිමිකම් අවසන් කිරීම අත්‍යවශ්‍ය වන්නේ LPL හි වටිනාකම් සහ කීර්තිය ආරක්ෂා කිරීමටත් සියලුම සහභාගිවන්නන්ගේ හැසිරීමේ සහ ක්‍රීඩාශීලිත්වයේ ඉහළම ප්‍රමිතීන්ට අනුගතවීම සහතික කිරීමට බවත් ලංකා ප්‍රිමියර් ලීග් දන්වා සිටී.
LPL කළමනාකාරීත්වය මෙම හිමිකම අවසන් කිරීමෙන් ඇතිවන තත්ත්වය විසඳීමට සහ ඉදිරි වාරයේ දී මෙවැනි තත්ත්වයන් අවම කරගැනීමට දැඩි ලෙස කල්පනාකාරීවන බව ද ප්‍රකාශ වී ඇත.
“අපි විනිවිදභාවය සහ වෘත්තීයභාවය පිළිබඳ ඉහළම ප්‍රමිතීන්ට කැපවී සිටින අතර මෙම සංක්‍රාන්තිය තුළත් අපගේ සියලුම කණ්ඩායම්, ක්‍රීඩකයින් සහ රසිකයින්ට දිගටම සහාය දෙන බවට සපථ වෙනවා…”
LPL හිමිකම් දරන්නා වූ IPG සමූහයේ සභාපති අනිල් මොහාන් පැවසීය