අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙළිකොප්ටර් ගනුදෙනුවක දී කෝටි 07ක් වංචා කළ චෝදනාවකට සැකපිට අවුරා තාඹුගල රිමාන්ඩ් වුන කතාව…

by editor
මැයි 22, 2024
in පුවත්
Thambugala
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

නීතියත් තමන්ට අවශ්‍ය පරිදි නවා ගත හැකි බව කියන ආන්දෝලනයට ලක් වූ  ව්‍යාපාරිකයෙක්වූ අවුරා ලංකා සමාගමේ අධිපති විරංජිත් තාඹුගල බන්ධනාගාරගතවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ අද (22) නියෝග කළේ මෙම තැනැත්තා ලබන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

ඔහුට එල්ල වූ චෝදනාව අයි. ඩබ්ලිව්. එස්. හෝල්ඩින්ස් පුද්ගලික සමාගමෙන්   ණයට  ලබාගත් රුපියල් කෝටි 07ක  මුදලක්  පොරොන්දුවූ කාලවකවානුව තුල නොපියවා වංචා කිරීමය. සැකකරු පැමිණිලිකාර පාර්ශවයෙන් මෙම මුදල ලබාගෙන තිබුනේ දින 15කින් එය පියවා දැමිමේ පොරොන්දුව මතය. එ් සඳහා දෙපාර්ශවය විසින් ගිවිසුමක් ද අත්සන් කර තිබිණි. එහෙත් සැකකාර තාඹුගල   මුදල් නොපියවා කට්ටි පනින්නේය.

අවසානයේ දි අයි. ඩබ්ලිව්. එස්. හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ අධිපති ආතර් සේනානායක මේ සිද්ධිය  පැමිණිල්ලක් ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ඉදිරිපත් කළේය.

ඒ අනුව කෙරුණු විමර්ශනය ප්‍රකාරව තාඹුගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත් විය. අනතුරුව සැකකාර තාඹුගල අධිකරණයට ඉදිරිපත් කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) පවසන්නේ ගනුදෙනුව සිදුවන අවස්ථාවේ දී රුපියල් මිලියන 60ක මුදලක් සැකකරුගේ ගිනුම වෙත බැරවී ඇති බවට සියලු තොරතුරු ලැබී ඇති බවය. මෙම ණය පැහැර හැරීමෙන් අපරාධමය වරදක් සිදුවී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තාඹුගල කී කතාව –

විරංජිත් තාඹුගල  වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින්නේ නිතීඥ රන්ජන් ද සිල්වා ය. ඔහු  සදහන් කර සිටියේ තාඹුගල අදාළ ආයතනයෙන් හෙළිකොප්ටර් දෙකක් මිලදීගැනීමේ ගනුදෙනුවක් සිදුකර ඇති බවය.   අදාළ අවසන්  මිලගණන්  විමර්ශනයේ  රුපියල් මිලියන 120ක මුදලක් තම සේවාදායකයා පැමිණීලිකරුට ගෙවා ඇති බවට හෙළිවී යැයි නීතිඥයා අධිකරණයට දැන්වීය.

තාඹුගලගේ නීතිඥවරු කීවේ තාඹුගල එවැනි කෝටි 07ක මුදලක් ලබා ගත්තේ නැති බවය.

අධිකරණය මේ දෙපාර්ශවයේම කරුණු සලකා බැලුවේය. අනතුරුව තාඹුගල සම්බන්ධ විමර්ශන හැකි ඉක්මනින් අවසන් කර අවසන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

අනතුරුව ලබන 27 වැනිදා දක්වා තාඹුගලව රක්ෂිත බන්ධනාගාරගත කළේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

LPL තරගාවලියේ දඹුල්ල කණ්ඩායම් හිමිකරු තරග පාවාදීමේ චෝදනා මත අත් අඩංගුවට…

Next Post

හිමිකරු හිරේ ගිය දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකම  අවසන් කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.