ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල තන්ඩර්ස් හිමිකාරිත්වය දරන බංගලාදේශ සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වූ ටමීම් රහ්මාන් කටුනායක ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණේ ක්‍රීඩා අමාත්‍යංශයට සම්බන්ධ ක්‍රීඩා වැරදි වැලැක්වීම සඳහා වූ විශේෂ විමර්ශන ඒකකය විසිනි
ඔහුට තරග පාවාදීමේ චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ.
ඊයේ කොළඹදී පැවති LPL 2024 තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ඔහු සහභාගී වී තිබිණි. කණ්ඩායම වෙනුවෙන් අත්සන් 18ක් ලබා ගෙන තිබුණු අතර ඔහුට එරෙහිව පැමිණි පැමිනිලි කීපයක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට රටින් පිටවීමට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගත් බව වාර්තා විය.
ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් ද කැඳවා කතා කර අනතුරුව ටමීම් රහ්මාන් රටින් පිටවී යෑමට උත්සාහ කරද්දි ඔහු කටුනායක ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට ගන්නේ එම අධිකරණ නියෝගය මතය.
ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් විසින් ඔහු රඳවා තබාගෙන ගුවන් තොටුපල පොලිසිය වෙත භාර දීමෙන් පසු ක්‍රිඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත භාර දී තිබේ.