දිනසේන රතුගමගේ –
-
විග්නේෂ්වරන්, සුමන්තිරන්, සෙල්වරාජා, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සම්පන්දන් සංවර්ධන ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර නෑ… උතුරු නැගෙනහිර සංවර්ධනයට රජයෙන් එන කෝටි 25ක් නැතිවෙයි!
නියමිත කාලයට පෙර ව්‍යාපෘති ඇස්තමේන්තු සකස් නොකිරීම නිසා උතුරු නගෙනහිර ප්‍රදේශවල මන්ත්‍රීවරුන්වන ආර්.සම්පන්ධන්, එම්.ඒ.සුමන්තිරන්, සී.වී.විග්නේස්වරන්, සෙල්වරාජා ගජේන්ද්‍රන් සහ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරුන්ට 2024 වසරේ සංවර්ධන කටයුතු වෙනුවෙන් විමධ්‍යගත අයවැයෙන් වෙන් වන කෝටි 25ක මුදල වෙන් වී නැති බව වාර්තා වේ.
එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පළාතේ සංවර්ධන කටයුතු සඳහා විමධ්‍යගත අයවැයෙන් වසරකට රුපියල් කෝටි පහක මුදලක් ලැබෙන අතර පසුගිය අයවැයට පෙර තම පළාතේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය ව්‍යාපෘති ඇස්තමේන්තුකොට ඉදිරිපත් නොකිරීම නිසා මෙම මන්ත්‍රීවරු පස් දෙනාට එම මුදල් අහිමි වී ගොස් තිබේ.
ඒ අනුව උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ මන්ත්‍රීවරුන්ට එම පළාත්වල සංවර්ධන කටයුතු හා එම ජනතාව ගැන කිසිදු කැක්කුමක් නොමැති බව රජයෙන් ලැබෙන මුදල හෝ ලබා ගැනීමට උනන්දුවක් නොමැතිකමේ තරමින් පෙනී යන බව යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කොට තිබේ.