දිනසේන රතුගමගේ –
මන්නාරම නානාට්ටන් ප්‍රදේශයේ මුහුද ගොඩ ගැලීම නිසා නිවාස 23ක ජීවත් වූ පුද්ගලයින් 126 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කොට තිබේ.
ධීවරයින් මුහුද ගොඩ ගැලීමත් සමගම ඔවුන්ට අයත් වෙරලේ නවතා තිබූ බෝට්ටු 150 ක් පමණ මුහුදු වෙරළෙන් ඉවත් කොට නානාට්ටන් ප්‍රදේශයේ පිට්ටනියක් වෙත රැගෙන ගොස් තිබේ.
ප්‍රදේශයේ ධීවරයින් විසින් කකුලුවන් හා ඉස්සන් ඇල්ලීමට මුහුදේ දමා තිබූ දැල් විශාල ප්‍රමාණයක්මුහුදට ගසා ගෙන ගොස් තිබේ.
ප්‍රදේශයේ මුහුද ආසන්නයේ ජීවත් වන සෙසු පවුල් වලටද ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස උපදෙස් දී ඇති අතර ධීවරයින්ට මුහුදු යාමෙන් වැළකී සිටින ලෙසටද උපදෙස් දී තිබේ.
නාවික හමුදාව හා පොලීසිය ප්‍රදේශයේ ජනතාව පිළිබදව දැඩි අවධානයෙන් යුතුව පසුවෙති.