කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන්නේ නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරාත්තු වන බවත් සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය පළාත්වල ඇතැම් ස්ථාන වෙත මිලි මීටර 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් දැනුම් දී ඇත.
බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම නිවේදනය පහත දැක්වේ.