අනතුරට පත් වූ පසු සොයා ගැනීමට සහාය දීම පවා ප්‍රතිකේෂපවන මට්ටමෙන් බටහිර බලයට අභියෝග කළ පෞරුෂවත් ලෝක නායකයෙක් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අවසන් ගමන් ගියේය. ඊට බටහිර මධ්‍යවල වැඩි ඉඩක් වෙන් නොවීම කැපී පෙනුණි.
රයිසි අවසන් ගමන් ගියේ ස්වකීය උපන් ගම්පළාතට අයත් ඉරාන ශුද්ධ නරගයක්වන මාෂ්හාඩ් හි ය. මාෂ්හාඩ් පිහිටියේ ටෙහෙරානයේ සිට කිලෝමීටර් 900ක් (සැතපුම් 560ක්) නැගෙනහිරිනි.
දේහය මාෂ්හාඩ් හි හෂෙමිනෙජාඩ් ගුවන් තොටුපලින් පිටතට ගෙන එන මොහොතේ සිට දක්නට ලැබුනේ බටහිර මවන ප්‍රතිරූපයට හාත්පසින්ම වෙනස් චිත්‍රයකි. අද ඉරාන මාධ්‍ය නිකුත් කළ ඇති දර්ශන ප්‍රකාරව ජනපති රයිසිට අවසන් ගෞරව දැක්වීමට එන්නේ විශ්වාස කළ නොහැකි ජන සන්නිපාතයකි.
මාෂ්හාඩ්හි නරගරාධිපතිවරයා ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති සේවයට පවසා තිබුණේ ලක්ෂ තිහක මහා ජන ගඟක් ඉරාන ජනාධිපතිවරයාගේ අවසන් ගමනට ගෞරව කිරීමට පැමිණි බවය.
9 වැනි සියවසට අයත් ඉරානයේ ශුද්ධ භූමියක්වන මෂ්හාඩ් හි රන් ගෝලාකාර ඉමාම් රේසා (සල්) තුමාගේ ශුද්ධ සිද්ධස්ථානය වෙත රයිසිගේ දේහය රැගෙන එන්නේ ලක්ෂ සංඛ්‍යාත වැලපෙන්නන් මැදිනි. ඔවුහු රයිසිගේ දේහයට මල් ඉසිමින් පුෂ්පෝපහාර දක්වමින් සිටියහ.
මීට පෙර, ඔහුගේ දෙණ සහිත රථය නැගෙනහිර බර්ජන්ඩ් නගරය හරහා රථ පෙළපාලියකින් ගමන් කරන විට මේ අයුරින්ම ලක්ෂ සංඛ්‍යාත ජන ගඟක් එක් වී සිටියේ ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහාය.
දිවි පිදූ අමිරබ්දොල්ලාහියන්ගේ අවමංගල්‍ය උත්සවය ටෙහෙරාන් අගනුවර විදේශ අමාත්‍යාංශ පරිශ්‍රයේ මාෂ්ක් චතුරශ්‍රයේ පැවැත්වුනි.
අවමංගල්‍ය උත්සවයෙන් පසුව, දිවි පිදූ අමිරබ්දොල්ලාහියන්ගේ දේහය භූමදානය සඳහා ෂා අබ්දුල්-අසීම් හසානිගේ ශුද්ධ සිද්ධස්ථානය වෙත ගෙන ගියේය. මෙම ශුද්ධ භූමිය ඇත්තේ ටෙහෙරානයට දකුණෙනි. එම දේවස්ථානය ඉරානයේ කැපී පෙනෙන දේශපාලනඥයන් සහ කලාකරුවන් තැන්පත් කර ඇති ශුද්ධ භූමියකි.
ජනතාවගේ හදවත තුළ පැලවුන ජනතා නායකයෙක් අවසන් ගමන් යන ආකාරය දුටුවන් කම්පනය කරන තරම් සංවේදීය. එම සංවේදනාවන් ලෝකයට අලුත් පනිවිඩයක් ලබා දී ඇති බව විශ්වාස කරමු.