(අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශිත 2600 ශ්‍රි සම්බුද්ධ ජයන්ති ශාස්ත්‍රීය සංග්‍රහය වෙනුවෙන් අපවත්වී වදාල මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමිපාණන්වහන්සේ විසින් සම්පාදිත ලිපියකි)
විද්‍යමාන ඓතිහාසික සාධක අනුව සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය ක්‍රි. පූ. 543 සිදු වූ බව විද්වතුන් බොහෝ දෙනාගේ සම්මුතිය වී තිබේ. පිටක සාහිත්‍යයෙහි සඳහන් බුදුන් වහන්සේගේම ප්‍රකාශ කීපයක් සමග සසඳා බැලීමේදී අසුවස ඉක්මවා පිරිනිවී උන්වහන්සේගේ උපත සිදුව ඇත්තේ ක්‍රි. 623 දී බව පිළිගැනීමට පුළුවන.
”මම දැන් ජරා දුර්වල වීමි. වෘද්ධයෙමි, මහලු බවට පැමිණියෙමි. කල් වයස් ගෙවී ඇත. පශ්චිම වයසට ළඟා වීම්, අසුවිය පත් වීමි”
මේ සඳහනට අනුව තදාසන්න දිනයක දී උන්වහන්සේ පිරිනිවන් පාන්නට ඇතැයි සිතීමට තුඩු දෙන උන්වහන්සේගේම තවත් ප්‍රකාශයක මෙසේ සඳහන් වෙයි.
“සුභද්ද, කිං කුසලගවේෂි වූ මම එකුන් තිස් වියෙහි පැවිදි වූයෙමි. මා පැවිදි වී දැනට හරියටම පනස් වසරකට මදක් වැඩිය ”
මේ බව ප්‍රකාශ කොට ඇත්තේ පිරිණිවන් ඇඳෙහි වැඩහොත් අවස්ථාවෙහි උන්වහන්සේ හමුවට පැමිණි සුභද්ද මේ පරිබ්‍රාජකයෙකු සමග පැවති පිළිසඳරකදීය. මෙකී සටහන් සහය කොට ගත් විට බෝසත් උපත ක්‍රි. පූ. 623 සිදු වූ අතර විසිනව හැවිරිදි වයසෙහි උන්වහන්සේ පැවිද්ද ලබා ගත්හ. පිරිණිවන් දිනය වන විට පැවිද්දට වසර පනහ ඉක්ම ගොස් තිබිණ. එසේ නම් ඒ පනස්එක් වසරකැයි ගැනේ. ගිහි වාසය ගෙවූ වසර 29 සමඟින් එකතු කළ විට මුළු වයස අසූවකැයි නිගමනය වෙයි. විසිනව වන වියෙහි පැවිද්ද ලත් උන්වහන්සේ සාවුරුදු කාලයක් කිං සච්චගවේසී වූ අතර බුද්ධත්ව ප්‍රාප්තිය සිදු වූයේ පන්තිස් වන වියෙහි දීය. එතැන් පටන් පන්සාලිස් වසක් බුද්ධ සේවාවෙහි නිරත වූහ.
“මහණෙනි. මේ මහා භද්‍ර කල්පයෙහිම මෙකල මම අරහත් සම්‍යයක්, සම්බුද්ධ වෙමි. මම ජාතියෙන් ක්ෂත්‍රියව ක්ෂත්‍රිය කුළයෙහි උපනිමි. ගෝත්‍රයෙන් ගෞතම නම් වෙයි. මෙකල අරහත් සම්බුද්ධ වූ මම ඇසතු රුක් මුල් හි බුදු වීමි… මෙකල මට සැරියුත් මුගලන් නම් අග්‍රභද්‍ර ශ්‍රාවක යුග්මයක් සිටිති…ආනන්ද භික්ෂුතම අග්‍ර උපස්ථායක විය…….මයා දේවිය වැදූ මව වූවාය. කපිල වස්ථුම රාජධානි විය.”
මහා පදාන සූත්‍රාගත මෙම විස්තරයෙන් බුද්ධ චරිතය පිළිබඳව පෞද්ගලික තොරතුරු රාශියක් එළිවෙයි. රාජධානිය, මව්පියන්, බුදුවීම, අගසව්වරුන්, අග්‍ර උපස්ථායක ආදී තොරතුරු ඒ අතර වෙයි. මේ තොරතුරු පිටක සාහිත්‍යයේම සඳහන් වෙනත් තැන් සමග ද සැසඳිය හැකිය. උන්වහන්සේ ශාක්‍ය ජනපදයෙහි ලුම්බිණි ගමදී උපන් බව සුත්ත නිපාතයෙහි මෙසේ සඳහන් වෙයි.
“අසම උත්තම රුවනක් බඳු ඒ බෝසත්හු මිනිස් ලොව හිතසුව පිණිස ශාක්‍ය ජනපදයෙහි ලුම්බිණි ගම උපන්න ” එසේම බෝසතුන් පැවිදිව වරෙක කෝසල ජනපදයට පැමිණි අවස්ථාවේදී බිමිබිසාර රජු හමු වීය. එහිදී රජුගේ ප්‍රශ්න කිරීම් වලට සහ රාජ්‍යය පිළිගන්නැයි කළ ඉල්ලීමට දුන් පිළිතුරක මෙසේ එයි.
” කෙලින්ම ඇති මේ හිමාලය පාර්ශවයෙහි ධනයෙන් ධෛර්යයෙන් සම්පන්න කොසල ජනපදයෙහි පරම්පරාගත ජනපදයක් වෙයි. ඔවුහු ගෝත්‍රයෙන් ආදිත්‍ය නම් වෙති. ජාතියෙන් ශාක්‍ය නම් වෙයි. මම කාමයන් නොපතමින් ඒ කුළයෙන් පැවිදි වූයෙමි.”
මෙසේ ශාක්‍ය ජනපදයෙහි ශාක්‍ය කුළයෙහි බෝසතුන්ගේ උපත ලුම්බිණි ග්‍රාමයෙහි දී සිදු වූ අතර ගෝත්‍ර නාමයට අනුව ගෞතම නමින් ප්‍රසිද්ධ වූහ. බෞද්ධ සාහිත්‍යයෙහි සිද්ධාර්ථ නමින් ද හැඳින් වෙන උන්වහන්සේට ගෝතම නමින් ඇමතීම වඩාත් ප්‍රසිද්ධ බව සූත්‍රාන්ත වලින් පෙනේ. කෙසේ වෙතත් පරම සුකුමාර ජීවිතයක් ගෙවීමට හැම අතින්ම අවශ්‍ය සැප සම්පත් පිරි ගිහි ජීවිතයක් බෝසතුන්ට තිබිණ. පහත සඳහන් බුද්ධ ප්‍රකාශය එයට නිදසුන් වෙයි.
“මහණෙනි, මම සිව්මැලි වෙමි, පරම සිව්මැලි වෙමි. අතිශයින්ම සිව්මැලි වෙමි. මහණෙනි, ම පියාණන්ගේ නිවේසනයෙහි පොකුණු තනවා තිබිණ. එකක උපුල් පිපේ. එකක සුදු නෙළුම් පිපේ. එකක රතු නෙළුම් පිපේ. ඒවා මා සඳහාමය. කසී නොවන්නක් නොදරමි. මගේ හිස් වෙළුමත් කාසිකය. සැමදෙයක් කාසිකය. අඳනයක් කාසිකය. උතුරු සළුවත් කාසිකය. දිවා රෑ උණුසුමෙන් සීතලෙන් දූවිල්ලෙන්, තණකොලෙන්, පින්නෙන් පීඩාවක් නොවෙමි වා කියා මට සේසත් දරති.
මහණෙනි. මට තුන් පහයක් විය. එකක් හේමන්ත කාලයටය. එකක් ගිම්හාන කාලයටය. එකක් වස්සාන කාලයටය. වැසි සාර මස මම පිරිමින් තොර වස්සාන මාළිගයෙහි පසඟතුරුයෙන් පිනවනු ලබමින් මාළිගයෙන් පහළට නොබසිමි. වෙන ගෙවල දැසි දස් කම්කරුවන්ට කාසි පොදි සමග නිවුඩු හාලේ බත් දෙන්නාක් මෙන් මා පියාණන් නොදෙයි. දැසි දස් කම්කරුවන්ට මසුත් සමඟ ඇල් හාලේ බත් දෙයි”
ඒ සා මහත් යස ඉසුරින් පිටි කාමභෝගී ජීවිතයක් සිදුහත් බෝසතුන් සතු විය. යොවුන් වියේදී බිම්බා, යශෝදරා, රාහුලමාතා දී නම් වලින් හැඳින්වෙන කුළ කුමරියක හා විවාහයෙන් බෝසතුන්ට දාව රාහුල නම් පුතෙක් උපන් බව බෞද්ධ සාහිත්‍යයේ ප්‍රසිද්ධය. ඒ පුවත තහවුරු වන අවස්ථාවක් හා පුවතක් විනය පිටකයෙහි විස්තර වන්නේ මෙසේය.
“ඉක්බිති රාහුල මාතාව රාහුල කුමරුට මෙසේ කීවාය. රාහුල මේ ඔබේ පියාය. ගොස් දායාද ඉල්ලන්න. එවිට රාහුල භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් ශ්‍රමණයන් වහන්ස, ඔබේ සෙවණ මට දෙන්නැයි කියමින් සිටියේය. එවිට උන්වහන්සේ අසුනින් නැගිට වැඩියහ. රාහුල කුමරා ශ්‍රමණයන් වහන්ස මීට දායාද දෙන්නැයි කියමින් පසුපස ලුහුබැඳ ගියේය. භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන් අමතා එසේ නම් සාරිපුත්‍ර, රාහුල පැවිදි කරන්නැයි වදාළහ.
ලෝ සිරිතට අනුව අංග සම්පූර්ණ ගිහි ජීවිතයට මං පැදුණද බෝසතුන් ඒ සියල්ල සලකන ලද්දේ යටිගං බලා (අනුසොතගාමී) ගමනක් ලෙසය. මුල පටන්ම එනම් බෝසත් අවධියේ පටන්ම කම්කටොළු වලින් මුසපත් නොවී ලෝකයේ යථාර්ථය කුමක් දැයි සොයා බැලීම උණ්වහන්සේගේ එකම අපේක්ෂාව විය. එවක උන්වහන්සේගේ සිත් තුළ කවර කවර ආකාරයේ සංකල්පයන් හට යන්නේ ද යන්න සූත්‍ර පිටකයේ සඳහන් සූත්‍ර රාශියකින් හෙළිවේ. අංගුත්තර නිකාය තික නිපාත සම්බෝධී වර්ගයේ 1, 2 හා 3 පුත්‍ර සහ සංයුක්ත නිකායේ ඛන්ධ සංයුත්තක කාය වග්ග1, 2 හා 3 සූත්‍ර ද ඇතුළු බොහෝ දේශනා වලින් මේ තත්වය වටහා ගත හැකිය. ලෝකය පංචස්කන්ධය, ඉන්ද්‍රිය හා විෂය, ආධ්‍යාත්මික බාහිර ෂඬායත්ත ආදියෙහි ආශ්වාදය, ආදිනව, නිස්සරණ ගුණ වෙන් වෙන්ව සිතමින් විමසමින් පර්යේෂණයෙහි යෙදෙමින් යථාර්ථය තත් වූ පරිද්දෙන් අවබෝධ කොට ගැනීම උන්වහ්නසේගේ එකම ඊප්සාව විය.
“මහණෙනි, මම බුදුවීමට පෙර නොබුදුව බෝසත්වම තමා උපත ස්වභාව කොට සිටිද්දී උපත ස්වභාව කොට ඇති දේම සෙවීමි. ජරාව ස්වභාව කොට සිටිද්දී ජරාව ස්වභාව කොට ඇති දේම සෙවීමි. තමා මරණය ස්වභාව කොට සිටිද්දී මරණය ස්වභාව කොට ඇති දේම, ශෝක ස්වභාව කොට සිටිද්දී ශෝක ස්වභාව කොට ඇති දේම සෙවීමි.”
“ඒ මට මෙසේ සිත් විය. තමා ජාති ජරා මරණ ශෝක සංකිලෙස ස්වභාව කොට සිටිද්දී කුමකට නම් මම ජාති, ජරා, මරණ, ශෝක, සංකිලේස සහිත දේම සොයන්නෙම්ද? එම ස්වභාවයන්ගෙන් තොර අනුත්තර යොගකෙඛම නම් නිර්වාණය සොයන්නෙම් නම් මැණවි කියායි.”
මෙම ප්‍රබුද්ධ මනසින් යුතුව ආර්ය පර්යේෂණයට බෝසතුන්ගේ සිතට යොමු වූ ඊළඟ කරුණ වුයේ මෙයයි. “අග්ගිවෙස්සන සම්බෝධියට පෙරාතුව බුදු නොවූ බෝසත් වූම මට ගිහිගෙයි වාසය සම්බාධ සහිතය. කෙලෙස් දූලි පිරි මාර්ගයෙහි පැවිද්ද අභ්‍යවකාශය මෙන් නිදහස්ය. හැම අතින් සුපිරිසිදු සුදෝසුදු සංඛයක් බඳු බඹසර යෙදීමක් ගිහිගෙයි වසමින් ඉතා දුෂ්කරය. එබැවින් කෙස් රැවුල් කපා කසාවත් හැඳ පැවිදි වන්නේ නම් මැනවැයි අදහස් විය. ”
කාමාදීනව දකිමින් ගිහි බව හැර දමා පැවිද්දට සිත් යොමු කළ බව සිදුහත් බෝසත් ඒ බව බිම්සර රජුට ද පැවසූ බව සඳහන් විය. එපමණක් නොව ආදීනව පිරි කාමාස්වාදයක් පතා මිනිසුන් අතර පවත්නා දුශ්චරිතයන් නිසා උන්වහන්සේ තුළ හටගත්තේ මහත් සංවේගයකි. මීට පිළිතුරු සෙවීම උන්වහන්සේගේ ආර්ය පර්යේෂණයෙහි ප්‍රතිඵලයයි.
“මෙලොව පවත්නාතාක් බිය අත්තධම්ම නම් වූ ත්‍රිවිධ දුෂ්චරිතයෙන් හට ගනී. මේ කළහකාරී ජනයා දෙස බලමින් මට සංවේගය පහල වූ සැටි කියමි. මඳ දියෙහි දඟලන මසුන් මෙන් උනුන් කෙරෙහි එරෙහිව ක්‍රියා කරන්නවුන් දැකීමෙන් මා තුළ ඇති වුයේ බියකි. ලොව හැම අතින්ම නිසරුය. චංචලය, තම හට රැකවරණය පිණිස ජාති ජරා මරණාදියෙන් නොමැඩෙන තැනක් නොදකිමි. සටන් වදින්නෝ කෙළවර වැනසෙති. මට ලෝකය පිළිබඳව නොඇල්ම ඇති විය. ඔවුන්ගේ සිත්වල නොදැකිය හැකි රාගාදී සියුම් වූ හුල් මම දුටුවෙමි.”
බෝසතුන්ගේ සිතට සංවේගය හා බිය ඇති වූයේ මිනිසුන් වෙත පවත්නා කෙලෙස් හුල් නිසා කලහකාරී ක්‍රියාවලින් වැනසී යන හැටි දැකීමෙනි. ඒ නිසාත් ජරා මරණාදියෙන් ගැලවීම පිණිස පිළිසරණක් නොපෙනන නිසාත් ලෝකය ගැන ඇති වූයේ නොඇල්මකි. ලොව පුරා පැතිර ඇති මනා සංසුන් බවටත් අසරණ බවටත් පිළියම් සොයා යාම සිද්ධාර්ථ බෝසතුන්ගේ අභිප්‍රාය වූ බව මෙතෙක් කරුණු වලින් මැනවින් පැහැදිලි වෙයි. එය කිසිසේත් පලා යාමක් නොව මුහුණපා ඇති ගැටලුවට විසදුමක් සෙවීමේ දැඩි අධිෂ්ඨානයකි.
ගිහිගෙන් නික්ම ගිය බෝසත්හු ගැලවීම පිළිබඳ යථාර්ථය සෙවීම පිණිස දැඩි අධිෂ්ඨානයෙන් මෙන්ම වීර්යයෙන් දැරූ ප්‍රයන්තය හැඳින් වෙන්නේ කිං සච්චගවේශි ප්‍රධාන වීර්යය යන නාමයෙනි. උන්වහන්සේ වරෙක වනවාසී වුහ. තව වරෙක ගම් දනව් සිසාරා සරමින් එක් එක් ආචාර්යවරයන් සොයා ගියහ. කයට සුව පහසු දෙමින් ක්‍රියා කළහ. තවත් විටක ගසක් මුල හිඳ තමා වෙත වැටෙන කොළයක් ඵලයක් පමණක් යැපෙමින් කල් ගෙවූහ. අනේක දුක් වෙහෙස දරමින් සාවුරුදු පුරා ගත් ආයාසයෙන් සිද්ධාර්ථ ගෞතමයන් අත්පත් කරගත් තත්වය මෙසේ නිරූපණය වෙයි.
“අග්ගිවෙස්සන, ඒ මට සම්පුර්ණයෙන්ම ආහාර නොගැනීම අරඹන්නට සිතුනි. එසේ කරද්දී මාගේ ශරීරය වැහැරී ගියේය. අතපය අසූ අවුරුද්දක් පැරණි වැල් පුරුක් මෙන් විය. තට්ටම දෙක ඔටුකුරයක් මෙන් විය. කොදු ඇට පෙළ ඇටවැලක් විය. ඉල ඇට දිරු මඩුවක ඇද ගැසූ පරාල වැනි විය. ඇස් ගුල්වල ඇස් ගුලි ගැඹුරු ළිඳක ගිලී පෙනෙන දියතරු මෙන් විය. අමුතිත්ත ලබු ගෙඩියක් අවුසුළඟින් වියලී හැකිලී ගියාක් මෙන් ඉසේ සම වියලී රැලි ගැසී ගියේය. මම බඩ අතගාමී කියා කොදු ඇටයම අත ගාමි. අල්පාහාරයෙන් බඩ පිටකොන්දට ඇලී ගියේය. මල මුත්‍ර කරන තැන මුනින් ඇඳ වැටෙමි. මම කය සැනසීමට අතින් අත හාමි. එවිට දුඟද හමන රෝම මුළින් ඉදිරි වැටෙහි සමහරු මා දැක කළුයි කියති. සමහරු සුදුමැලියි කියති. සමහරු කළුත් නෑ සුදුත් නැහැ දුඹුරුයි කියති. අග්ගිවෙස්සන, එම අල්පාභාරතාවයෙන් මාගේ පිරිසිදු පැහැසර ජවි වර්ණය නැසී ගියේය. ”
නොපසුබස්නා වීර්යයෙන් වුවද දිගින් දිගට අත්තකිලමතානු යෝගයෙහි යෙදීම නිරර්ථක බව උන්වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගත්හ. එවැනි දෑ සම්බෝධියට මාර්ගය නොවන වග තේරුම් ගත්හ. දිනක් සාරිපුත්‍ර තෙරුන්ට ප්‍රකාශයක් කළේ මෙසේය.
” සාරිපුත්ත, එම ඉරියව්වෙනුත්, එම ප්‍රතිපදාවෙනුත්, එම දුෂ්කර චර්යා වෙනුත් මනුෂ්‍ය ධර්මයට වැඩි ආර්ය භාවය ලබාදෙන ඥාන දර්ශනයක් අධිගමයට මම අසමත් වීමි. දැන් මා ලබා ඇති ආර්ය වූ නිවන් හමු නොවන්නා වූ පිළිපදින්නවුන්ගේ දුක් නසාලන්නා වූ මාර්ගය, ප්‍රඥාව, එදා මම නොලැබීම ‘
එහෙයින් ඒ මඟින් වෙන්ව කාය චිත්ත විවේකය සලසා ගනිමින් උරුවෙලාවේ සේනානි ග්‍රාමයට ගියහ. එහි රමණීය භූමි භාගයක ප්‍රසාද ජනක වන ලැහැබ සුදුවැලි තලාව, මනා තොටුපල ඇති ගලා බසින ගඟ, සමීප නොදුරු ගම දැක මෙසේ සිතූහ. “බිම් පෙදෙස ඉතා රමණීය සුදු වැලිතලා ඇත. මනා තොටුපල ඇති ගඟ ලස්සනට ගලා බසී. නුදුරෙහි ගොදුරු ගම ද ඇත. ප්‍රධන් වඩන කුල පුත්‍රයෙකු ට ප්‍රධන් වැඩීමට මේ කදිම තැනකි. මෙසේ සිතා මම එතන නතර වීමි”
උරුවෙලාවෙහි නවාතැන් ගත් බෝසත්හු එතෙක් අනුගමනය කළ සියළු ක්‍රමෝපාය අත්හැර දමා නව මඟකින් ඒ සඳහා ක්‍රියාරම්භ කළහ. එකී නව මාර්ගය උන්වහන්සේ සච්චකට මෙසේ ප්‍රකාශ කළහ.
“අග්ගිවෙස්සන මම ශාක්‍ය පියාණන්ගේ කමතෙහි දඹරුක් සෙවණෙහි ඉඳගෙන කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිත විචාර රහිත විවේකයෙන් හටගත් ප්‍රීතියත්, සැපයත් ඇති ප්‍රථම ධ්‍යානමය ලබා වාසය කළ බව දනිමි. සම්බෝධිය සඳහා මාර්ගය මෙයම විය යුතු යැයි මට සතානුසාරි විඤ්ඤාණය ඇති විය. කාමයන්ගෙන් වෙන් වූ අකුශල ධර්මයන්ගෙන් වෙන් වූ සැපයක් වෙයි නම් මා ඊට බිය වන්නේ කුමට දැයි මට සිතිණ. “
ළපටි වියේ සිටම බෝසතුන් දියුණු මනසකින් යුක්ත වූ බව බුද්ධ චරිත ග්‍රන්ථවල පැනෙන වප් මඟුල් සිද්ධියකින් දක්නට ඇත. එම පුවත මෙයින් සනාථ වෙයි. ඒ අතීත මතකය සතානුසාරි විඤ්ඤාණයයි. අතීත මතකයෙන් සිහියට ආ මේ නව මාර්ගය ආනාපාන සති පාදක ධ්‍යාන මාර්ගය බව පෙනේ. ආනාපානසති භාවනාවේ අගය බුදුරදුන් නිතර භික්ෂුන්ට දේශනා කළේද ඒ නිසාය. එහි අගය දැක්වෙන පහත දේශනාව විමසා බැලීම වැදගත්ය.
“මහණෙනි, මනාව දියුණු කළ බහුල කළ ආනාපානසතිය මහත් ඵල මහානිශංස වේ. සම්බෝධියට පෙර බුදු නොවූ බෝසත් වූ මම ද මේ විහරණයෙන් බහුලව වෙසෙමි. මේ විහරණයෙන් බහුලව වාසය කරන මාගේ කයත් වෙහෙසට පත් නොවීය. ඇසුත් වෙහෙසට පත් නොවීය, සිතක් උපාදාන රහිතව ආසවයන්ගෙන් මිදුනේ ය. මහණෙනි, එබැවින් මෙහි ලා මගේ කයත් වෙහෙසට පත් නොවෙයි නම් සිතත් ආසව වලින් මිදේ නම් යහපත්ය කියා සිතන භික්ෂුන්ම ආනාපානසති සමාධියම මෙනෙහි කළ යුතුය.”
සිදුහත් බෝසතාණෝ කාමසුඛල්ලිකානු යෝග, අත්තකිලමතානු යෝග දෙකම බැහැර කොට නව මග අනුගමනය පිණිස යෝග්‍ය පරිදි සතප්වාගෙන ප්‍රධන් වීර්යය වඩවමින් බුදු බව ලබාගැනීමේ අධිෂ්ඨානය සඵල කර ගත්හ. අධිෂ්ඨාන සහගත ප්‍රධන් වීර්යය නිසාම උන්වහන්සේ නේරංජරා ගඟ බඩ ඇසතු බෝ රුක්මුල්හිදී බෝධිය ලත් අයුරු මෙසේ පැවසීය.
“මහණෙනි. මම ප්‍රධන් වීර්යයෙහි නොපසුබස්නා බව ඇතිවම වීර්යය කරමි. ඒකාන්තයෙන් ශරීරයේ හමත්, නහරත්, ඇටත් ඉතිරි වේවා. මසුත්, ලේත් වියලේවා. පුරුෂ ශක්තියෙන් පුරුෂ විර්යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් ලැබිය යුතු යමක් වෙයි නම් එය නොලබා විර්යයෙහි නැවත්මක් නොවේ. ඒ මා විසින් අප්‍රමාදයෙන් බෝධිය ලබන ලදී. “
සිද්ධාර්ථ ගෞතම බෝධි සත්වයන් වහන්සේ එතෙක් පටන් බුද්ධ සම්බුද්ධ, අභිසම්බුද්ධ, සම්මා සම්බුද්ධ නමින් ලෝ පතල වූහ. මෙයින් වසර 2600 කට පෙර උරුවේලාවේ නෙරඤ්ජනා නදී තීරයෙහි ගයා හිස ඇසතු බෝරුක් මුල හිදී සමාධිගත වී පරමෝත්කෘෂ්ඨ බුද්ධත්වය කුමක්දැයි පැහැදිලි කළ යුත්තේ ද දේශනා පාළිය ඔස්සේම පමණකැයි කිව යුතුය. අචින්ත්‍ය, අවාද්‍ය, අවේද්‍ය, බුද්ධත්වය ලෞසිකයන් විසින් නොදැක හැක්කේ එහි විද්‍යාමාන අලාසික ලෝකෝත්තර තත්වය නිසාය. එහෙයින් එය චිත්තා විෂයාතක්‍රන්ත බව ධර්මයෙහි සඳහන් වෙයි.
බුද්ධ නාමය පිළිබඳව අර්ථ විවරණයක් දක්වත පටිසම්භිදා මග්ගයෙහි සඳහන් වන්නේ එය ලොව කිසිවකු විසිනුත් ආරෝපනය කරන ලද්දක් නොව එය සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසින්ම සමාධිගත යථාවබෝධය හේතුවෙන් ලත් ප්‍රඥප්තියක් බවයි.
“චතුස්සත්‍යය අවබෝධ කළ හෙයින් උන්වහන්සේ බුද්ධ නම් වෙති. සත්ව ප්‍රජාවට සත්‍යාවබෝධය ලබාදෙන හෙයින් බුද්ධ නම් වෙති. සියල්ල දන්නා හෙයින් බුද්ධ නම් වෙති. බුද්ධ යන නාමය මෑණියන් විසින් තබන ලද්දක් නොවේ. පියාණන් විසින් තබන ලද්දක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින් බෝමුල් හිඳි සර්වඥතා ඤාණය සාක්ෂාත් කිරීමෙන් ලබන ලද ප්‍රඥප්තියකි.”
උන්වහන්සේ සර්වඥතා ඥානය සාක්ෂාත් කිරීම යන්නෙන් සිදු කළ දේ කුමක් ද යන්න සූත්‍ර ධර්ම රාශියකින්ම විස්තර කොට ඇත. විශේෂයෙන් බෝසත් අවධියේ පටන් උන්වහන්සේ පිළිබඳ තොරතුරු බොහොමයක් අන්තර්ගත කොට උන්වහන්සේ විසින්ම ප්‍රකාශිත මහාසච්චක, මහාසීහනාද, ආරිය පරියෙසනාදී සූත්‍ර වල සඳහන් ඒ තොරතුරු වලින් බුදු බව කුමක්දැයි සලකා බැලීමට අවස්ථාව සලසා ගත හැකිය. ආනාපානසති භාවනා මාර්ගය සත්‍ය කුමක්දැයි වටහා ගැනීමට හොඳම මාර්ගය බව පිළිගත් බෝසතුන් පළමුවෙන්ම කලේ විවිධ අත්හදා බැලීම් වලින් අබල දුබල සිය සිරුර කර්ම යෝග්‍ය පරිද්දෙන් සතපවාලීමයි. අවසන් වශයෙන් බෝමුලට වැඩි උන්වහන්සේ සන්ධ්‍යාභාගයෙහි ආනාපානසතියෙන් අනුප්‍රාප්ත චතුර්ත ධ්‍යාන පාදක විදර්ශනා ඥානයෙන් එම අවස්ථාවේ පටන් අනුක්‍රමයෙන් පෙර විසීම් සිහිකළහ. මෙය ආත්ම එකක් දෙකක් තුනක් නොව අනේක කල්ප ජාතිවල අසවල් දා අසවල් ජාතියෙහි මේ මේ නම් ඇතිව මෙනම් ආකාරයෙන් මෙසේ ජීවත් වීමි කියා දත හැකි ඥානයකි. පුබ්බේනිවාසානුස්සති ඥානය නමින් හඳුන්වන්නේ මෙයයි.
පෙරයම පුබ්බේනිවාසනුස්සති ඥානය ලත් උන්වහන්සේ මැදියම් දිබ්බචක්ඛු ඥානය සාක්සාත් කළහ. එය අසිපරිශුද්ධය, මිනිස් ශක්තිය ඉක්ම වූවකි. ප්‍රාකාර පර්වත වනගහන වලින් ආවරණය කළ නොහැක්කේය, දිවැසින් මැරෙන උපදින උසස් පහත් සුගති දුගතිවල කර්මානුරූප වූ සත්වයින් දැකයි හැකිය. ආසවක්ඛය ඤාණය උපදවා ගැනීමට සමත් වූහ.
එහිදී උන්වහන්සේ චුති උත්පත්ති සහිත මේ සසර සැරීමට විපාක සහිත කර්ම පහක් ඇත්තේය. ඒ හැරුණු විට කරන්නෙකු හෝ කරවන්නෙකු දක්නට නොලැබේ. කර්ම පහ නම් අවිජ්ජා සංඛාර, නාම රූප, සලායතන, ඵස්ස, වේදනායි. මේ කර්ම පහත් විපාස පහත් හැරණු විට චුති උපත්වල කාරක කියා හෝ ආත්මය කියා හෝ අත් කිසිවක් නොමැති බව අවබෝධ කළහ. කුමක් ඇති විට ජරා මරණ ඇති වේදැයි සිතු උන්වහන්සේ මෙය ඇති කළ ජරා මරණ පිළියෙළ වන බව අවබෝධ කළහ. උපන් ස්කන්ධ දිරයි. දිරූ දේ සිඳෙයි. එහෙයින් ජාතිය ඇති විට ජරා මරණ වෙයි කියා අවබෝධ කළහ. මෙසේ අනුලෝම වශයෙන් පමණක් නොව ප්‍රතිලෝම වශයෙන් ද පටිච්ච සමුප්පාදය සම්මර්ශනය කළහ. එසේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පටිච්චසමුප්පාද ධර්මය සම්මර්ධනය කළ උන්වහන්සේට ආසව, සමුදය, ආසව නිරෝධය, ආසව නිරෝධගාමිනී පටිපදාව යන සතර කරුණෙහි තවත් අයුරකින් කිවහොත් දුක, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිණීපටිපදාව යන සතර සත්‍යයෙහි ඇස පහළ විය. කණ පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. අලෝකය පහළ විය. එවිට උන්වහන්සේගේ සකල ක්ලේශයන් ප්‍රහීත විය. ඒ සමගින් සතර මග සතර ඵල ප්‍රතිවේද විය. සකල ඥෙය ධර්මයන් හි නොපැකිල පවත්නා අනන්‍ය සාධාරණ ෂඩ් අසාධාරණ ඥානය සමගින් සතිස් කෙල ලක්ෂ්‍යක් මහා වජ්‍රඥානය ද උපන්නේය.”
බුද්ධත්වය කුමක් දැයි යන්තමින් හෝ තේරුම් ගැනීමට සහය කොට ගත හැකි තවත් එක් සූත්‍රයකින් කොටසක් උදාහරණ කොට දක්වමින් මේ කෙටි ලිපිය අවසන් කිරීමට අදහස් කරමි. එමගින් උන්වහන්සේ විසින් සාධනය කරන ලද්දේ කුමක් ද යන්නත් උන්වහන්සේගේ සොයා ගැනීම පටිච්ච සමුප්පාද ධර්මය හෙවත් චතුරාර්ය සත්‍යය නම් වන බවත් සලකා ගත හැකිය.
මහණෙනි, මිනිසෙක් මහා ඝන වනාන්තරයෙහි ඇවිදින විට අතීතයේ මිනිසුන් ආගිය පැරණි මාවතත් දකී. එහි යන විට මිනිසුන් විසූ උයන්වතු, මල්වතු, ළිං, පොකුණු වලින් රමණීය පැරණි නගරයක නටබුන් දකී. ඔහු රජු වෙත හෝ රජ මහ ඇමතියෙකු වෙත ගොස් ස්වාමීනි හරි පුදුමයක් දන්නෙහිද? වනයෙහි ඇවිදින විට පැරණි නගරයක් දැක එහි යන අතර මිනිසුන් විසූ උයන්වතු, මල්වතු, ළිං, පොකුණු ආදියෙන් ලස්සන පැරණි නටබුන් නගරයක් දිටිමි. ස්වාමීනි, එය නව නගරයක් කළ මැනව කියයි. එවිට රජතුමා හෝ මහ ඇමති ඒ නගරය නැවත ඉදිකරවයි. පසු කාලයේ එය සැප සම්පතින් පිරි බොහෝ ජනයා වසන සමෘද්ධිමත් දියුණු නගරයෙක් වෙයි. මහණෙනි. එමෙන්ම බුදුවරයන් වහන්සේලා අනුගමනය කළ මාර්ගය මම දිටිමි. එය කුමක්ද? මේ අරිඅටහි මගයි. මම එය අනුගමනය කළෙමි. ජරා, මරණ අවබෝධ කළෙමි. ජරා, මරණ සමුදය අවබෝධ කළෙමි. ජරා, මරණ නිරෝධය අවබෝධ කළෙමි. ජරා, මරණ නිරෝධගාමිණී පටිපදාව අනුගමනය කළෙමි. එය මැනැවින් දැක භික්ෂූන්ට, භික්ෂුණීන්ට, උපාසකාදීන්ට, උපාසිකාවන්ට දේශනා කළෙමි. ඒ මේ බ්‍රහ්මචර්යාව සමෘද්ධිමත්ව පිරි පැතිරි බොහෝ දෙනා අතර පුළුල්ව පවත්නා තාක් මිනිසුන් විසින් සුප්‍රශිතය. “
මෙසේ බුදුවරයන් වහන්සේලා ඇතත් නැතත් ලොව පවත්නා යථාර්ථ ධර්මය අබුද්ධෝත්පාදයෙහි අවිද්‍යාවෙන් වැසී නටබුන්ව පවත්නා අතර බුදුරජාණන් වහන්සේ එය සර්වඥතා ඥානයෙන් අවබෝධ කොට ලොවට ප්‍රකාශ කොට දැක්වීම බුද්ධත්වයයි.
එය පටිවේද ඥානයත් දේශනා ඥානයත් ඒකාබද්ධ වූවකි.