කීර්ති ප්‍රනාන්දු
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දින තුනක් තුළදී විදුලිය බිඳ වැටීම් 36900 ක් වාර්තා වී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි .
එමගින් විදුලි පාරිභෝගිකයන් 300,000 කට අධික පාරිභෝගිකයන් පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බවද පැවසීය .
ඉදිරි පැය 24 තුළ එම බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අතිරේක සේවා කාර්ය මණ්ඩල විශාල පිරිසක් අනුයුක්ත කර ඇති බවද අමාත්‍යාංශය කියයි .
තම ප්‍රදේශයන්හි මේවන විට විදුලි බිඳ වැටීමක් සිදුවී ඇත්නම් හෝ සිදුවුවහොත් වහාම 1987 ක්ෂණික දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙසත් එසේ නැතිනම් කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙන ලෙස අමාත්‍යාංශය ජනතාවට දන්වා සිටී .