ලලිත් චාමින්ද –
මත්කුඩු ජාවාරමේ නිරතව සිටි සංචාරක මගපෙන්වන්නෙකු වෙසක්පුන් පෝය දින අළුයම (23) හෙරෙයින් මත්කුඩු ග්‍රැම් 03ක් සමග උණවටුන බෝධිරාජමවතේ දි අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදිවියේ පසුවු උණවටුන ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකි. සැකකාර පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේ දි මොහුගේ ඇදුම්වල තිබි හෙරෙයින් මත්කුඩු ග්‍රැම් 03 පොලිසිය මගින් සොයාගෙන ඇත.
සැකකාර පුද්ගලයා සංචාරකයින් ඉලක්ක කරගෙන මත්කුඩු ජාවාරමේ නිරත වුවාද යන්න පිළිබද සොයා බැලිම සදහා අධිකරණය මගින් රැදවුම් නියෝගයක් ලබාගෙන තවදුරටත් ප්‍රශ්නකරගෙන යන බව පොලිසිය පවසයි.
හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුණුවිල බණ්ඩාර ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.