බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල් ඇමතිවරු කැඳවා කමිටු පහක් හදයි – වැඩ කරන හැටි ගැනත් උපදෙස් දෙයි

by Lanka Sara Editor
පෙබරවාරි 3, 2021 - Updated on පෙබරවාරි 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ප්‍රාදේශීය සංවර්ධනයට ප්‍රවේශයක් සඳහා කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන්ගෙන් සමන්විත කමිටු පහක් ඊයේ පත් කෙරිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැති රැස්වීමේදී මෙම කමිටු පත්කෙරුණු අතර කෘෂිකාර්මික අනු කමිටුව, ජීවනෝපාය අනු කමිටුව, යටිතල පහසුකම් අනු කමිටුව, සමාජ යටිතල පහසුකම් අනු කමිටුව සහ සමාජ ආරක්ෂාව හා සමාජ සංවර්ධන අනු කමිටුව ලෙස ජාතික සම්බන්ධීකරණ අනු කමිටු 5ක් පිහිටුවා ඇත.

මෙම කමිටු ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව අමාකයවරුන්ට බැසිල් රාජපක්‍ෂ මහතා විසින් පැහැදිලි උපදෙස් මාලාවක් දෙනු ලැබ ඇති අතර එහිදී ජාතික සම්බන්ධීකරණ කමිටුව, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව, ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හා ග්‍රාමීය කමිටුව ලෙස ඉහළ සිට පහළට තීරණ ගලා යාමත්, පහළ සිට ඉහළට අදහස් හා යෝජනා ගලා යාමත් සිදුවන වන ලෙස සකස් වී ඇති බව බැසිල් රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට එක්ව සිටි කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ට පෙන්වා දුන්නේය.

“ගම සමඟ පිළිසඳර අප විරුද්ධ පක්ෂයේ සිටින කාලයේ සිටයි ක්‍රියාත්මක කළා. ඒ කාලයේ අපි ගමේ අඩුපාඩු හදුනාගත්තත් ඒ සඳහා රාජ්‍ය නිලධාරී තන්ත්‍රය සහභාගි කරගන්න බැරි වුණා. නමුත් මුළු රට තුළම එම වැඩසටහන අතිගරු ජනාධිපති ගෝඨාය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දැන් ක්‍රියාත්මක වෙනවා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඔබ දන්නවා මේ රටේ ග්‍රාමසේවක වසම් 14000ක් තියෙනවා. ගම් 36000ක් තියෙනවා. ඒ කටයුත්තත අප ඉදිරියට ගෙනයාමට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ඔස්සේ කටයුතු කළ යුතුයි. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට මහජන නියෝජිතයන් පත්කිරීම ප්‍රමාදවීම නිසා මේ කටයුත්ත බොහෝවෙලාවට සිදුවුණේ ප්‍රාදේශිය ලේකම් හෝ නිලධාරින් අතින්.

ඒ නිසා පසුපෙළ මන්ත්‍රීවරුන්ට වගේම ඔබටත් ගම හා ආසනයේ කටයුතු කිරීමේදී ඊට සම්බන්ධවීමේ ක්‍රමවේදයක් තිබුණෙ නැහැ. ඒ නිසා ඇතැම් වෙලාවට ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘතිවලට දේශපාලන නායකත්වය නොලැබී ගියා.

උතුරු හා නැගෙනහිර හැර රටේ සෑම ප්‍රදේශයකම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පත්කර අවසන්. ආණ්ඩු පක්ෂ තීන්දුවට අනුව ඒවායේ සභාපතිධූර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් ලබා දී තිබෙනවා.

ඒ නිසා ඉදිරියේදී අමාත්‍යංශ ඔස්සේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඔස්සේ ඒවා ක්‍රියාත්මක කිරීම අවශ්‍යයයි. ඒ සඳහා අද පිහිටුවන මෙම ජාතික සම්බන්ධීකරණ අනු කමිටුවල නායකත්වය හා උපදෙස් ක්‍රියාත්මක විය යුතුයි. ඉදිරියේදී අමාත්‍යංශ මට්ටමෙන් සිදුවන ඉල්ලීම් හෝ චක්‍රලේඛ ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සභාපතිට සෘජුව යොමු කරන්නැයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

බඩු මිල ඉහළ යාම පාලනය කිරීමෙ සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවිය.

ඒ අනුව පරිප්පු, පිටි, සීනි, ලොකු ලූණූ සහ අර්තාපල් ඇතුළු භාණ්ඩ වර්ග 28ක් සඳහා පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාස 3ට නිෂ්පාදකයන් හා සෘජු ආනයනකරුවන් සමඟ ඉදිරි මිල පිළිබඳව එකඟත්වයකට පැමිණ තිබෙන බව පෙන්වා දුන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, අද පවතින මිලට වඩා අඩු මිලට පෙබරවාරි මස දෙවැනි සතියේ සිට සතොස හා සමූපකාර ඔස්සේ එම භාණ්ඩ රටපුරා බෙදා හරින බව කියා සිටියේය.

දුප්පත්කම හේතුවෙන් නිවස ළඟට විදුලිය තිබුණද, ජලය තිබුණද ගත නොහැකිව පීඩාවට පත් සීමිත පිරිසක් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මුලදි විදුලිය නොමැති නිවාස 35000ක් හඳුනාගත්ත ද එය 125000ක් පමණ වනබව ගණන් බලා ඇතැයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.

එහිදී ලබන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර දැනට විදුලිය සහ ජල සැපයුම නොමැති සියලුම නිවාසවලට එම සැපයුම ලබාදීමට ක්‍රියා කරමු යැයි බැසිල් රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට සියලුම කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරු මෙහි දී එකඟත්වය පළ කළහ.

විදුලිය සහ ජල පහසුකම් නොමැති නිවාස හඳුනාගෙන ඒ සඳහා ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර විසඳුම් දීම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාගේ වගකීම බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය. ඒ සඳහා සමෘද්ධි අරමුදල් ඇතුළු රජයේ ප්‍රතිපාදන යොදාගත හැකි බව ද හෙතම පෙන්වා දුන්නේය.

රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සෞඛ්‍ය වෘත්තිකයන් ද මහජනතාව ද කොවිඩ්-19 එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් උනන්දුවන බව අමාත්‍යවරු මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කළහ.

පෙබරවාරි මස මැද භාගයවනවිට සාමාන්‍ය ජනතාවටත් එන්නත ලබා ගත හැකිවනු ඇතැයි රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මෙහිදී විශ්වාසය පළ කළාය.

කොවිඩ්-19 එන්නත් ලබා දීම තීව්‍ර කරමින් ශ්‍රී ලංකාව එන්නත් ලබා දී අවසන් කළ පළමු රට වීම වැනි ඉලක්කයක් කරා ගමන් කළ යුතුව ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික කණ්ඩායම කොවිඩ් අවදානමක

Next Post

අදත් කොවිඩ් මරණ 4ක්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.