සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 මහ මැතිවරණයකට දින දෙන්නටත් පෙර සමගි ජන සන්ධානයේ වසන්ත යාපා සහ ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රසිද්ධියේ ගැටෙති!

by editor
මැයි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මහ මැතිවරණයක් සම්බන්ධව නිශ්ඡිත දින නියමකටත් පෙර ආණ්ඩු පක්ෂයේ සිට සමගි ජන සන්ධානයට එක් වී සිටින වසන්ත යාපා බණ්ඩාර සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  අතර එළිපිටම ගැටුම් ආරම්භ වී තිබේ.

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එකතු වූ කිසිවෙකුට හෝ සමගි ජන සන්ධානය යටතේ නාම යෝජනා ලබාදෙන බවට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි       ලක්ෂ්මන් කිරිඇල්ල  පවසන විට මේ වනවිට මහ මැතිවරණයක් සඳහා සැලසුම් සහගතව ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කර ඇති වසන්ත යාපා බණ්ඩාර කියන්නේ සමගි ජන සන්ධානය ලෙස පක්ෂ නායක සහ මහ ලේකම් සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ වියපත් දිස්ත්‍රික් නායකයින් කරුණු නොදැන කියන කතා ලොකුවට ගණන් ගත යුතු නැති බවය.

තමන්  නියත ලෙස ඉදිරි මහ මැතිවරණයේ දී සමගි ජන සන්ධානය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බව වසන්ත යාපා බණ්ඩාර අවධාරණය කරන්නේය.

අදාළ තොරතුරු දිස්ත්‍රික් මට්ටමින් කටයුතු කරන නායකයින්ට ලැබී නොතිබෙන්නට ඉඩ තිබෙන අතර ඇතැම් විට වයෝවෘද්ධතාව නිසා ඔවුන්ට අමතක වීම් සිදුවන්නට ද ඉඩ තිබෙන බව ද  කියන වසන්ත යාපා බණ්ඩාර පක්ෂ අභ්‍යන්තරයේ කතා කළ යුතු කරුණු මහපාරේ කතා  කරන්නට තරම් නායකයින් පහත් තත්ත්වයට නොවැටිය යුතු බවට යෝජනා කරන්නේය.

වීදුරු ගෙවල්වල සිට ගල් නොගසන ලෙසද ඔහු ලක්ෂ්මන් කිරිඇල්ල ඉලක්ක කරගෙන  දැනුම් දෙන්නේ අද (19) කිරිබත්කුඹුරේ පැවති මාධ්‍ය හමුවක දීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කිරිඇල්ල කියන කතාව

කෙසේ වෙතත් ලක්ෂ්මන් කිරි ඇල්ල පවසන්නේ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කරන නම් 15 මේ වනවිටත් සූදානම් බවය.

ආසන සංවිධායකවරු 13 දෙනා හැරුණු විට රවුෆ් හකීම් ගේ සහ වේලු කුමාර් ගේ නම් ඇතුළත් කළ පසු අපේක්ෂක ලැයිස්තුව සම්පූර්ණ වන බැවින්   මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේග  අපේක්ෂක ලැයිස්තුව සඳහා   සමගි ජන සන්ධානයට අලුතින් එක් වූ කිසිවෙකුටත් නාම යෝජනා    ලබාදීමේ හැකියාවක් නොමැති ආකාරය  වසන්ත යාපා බණ්ඩාර ඉලක්ක කරගෙන ලක්ෂ්මන් කිරිඇල්ල  අවධාරණය කර සිටින්නේ  ය.

එමෙන්ම ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට එකතු වූ කිසිවෙකුටත් සමගි ජනබලවේගයෙන් නාම යෝජනා ලබාදෙන බවට කිසිදු පොරොන්දුවක් ලබා දී  නැතැයි ද ඔහු හෙළි කරන්නේය.

ඊයේ (18) මහනුවර දී  පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ලක්ෂ්මන් කිරිඇල්ල කියන්නේ   ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එකතු වූ මන්ත්‍රීවරු අතර හොඳ අය මෙන්ම සමගි ජනබලවේගයේ සමගියට බාධා කරන කණ්ඩායම් ද සිටින බවය. තවද  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂයට එකතු වූයේ ඔවුන් ගේ කැමැත්තෙන් මිස සමගි ජනබලවේගයේ ආරාධනාවකට අනුව නොවන බැවින්    එවැනි පුද්ගලයෙකුට නාම යෝජනා දෙන්නේ නම් මුලින්ම ඔහුගේ   හැසිරීම, විනය, කණ්ඩායම් හැඟීම ආදි කරුණු රැසක් නායකත්වය විසින් සලකා බලන බවය.

විනයක් නැති හැඟීමක් නොමැති කඩාකප්පල්කාරී වැඩ කරන අයට නාම යෝජනා දීම නොව, ඔවුන්  සම්බන්ධයෙන් නායකත්වය දැනුවත් කර නිසි පියවරක් ගැනීමට කටයුතු කර තිබෙන බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගිං ගඟේ ජල මට්ටම ඉහළට…

Next Post

සිටි සෙන්ටර් රථ ගාලේ දී ඉරාණ තානාපතිට පහර දී වාහනයට යට කරන්න හැදූ මැරයා රිමාන්ඩ්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.