මේ දක්වා වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ ඊයේ දිනයේ දී කොවිඩ් පුද්ගල මරණ 08ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.
පොල්ගොල්ල ප්‍රදේශයේ 62 හැවිරිදි පුද්ගලයෙක්, හෙට්ටිපොල ප්‍රදේශයේ 45 හැවිරිදි පුද්ගලයෙක්, මතුගම ප්‍රදේශයේ 53 හැවිරිදි පුද්ගලයෙක්, නුගේගොඩ ප්‍රදේශයේ 56 හැවිරිදි පුද්ගලයෙක්, පන්නිපිටියේ 76 හැවිරිදි පුද්ගලයෙක්, අඹගහපැලැස්ස ප්‍රදේශයේ 48 හැවරිදි පුද්ගලයෙක්, වත්තල ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක්, ශ්‍රී ජයවර්ධනපුර 57 හරනිරිදි පුද්ගලයෙකක් මියගොස් තිබුණහ.
මේ වනවිට ලංකාවෙන් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 655කි. ඊයේ දිනය තුළ ලංකාවෙන් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 1096ක් වාර්තා වුණේය.