ගුරු සංගම් අගමැතිවරයා සමග අද උදේ වරුවේ සිට පැවැත්වූ දීර්ඝ සාකච්ඡාව අසාර්ථක වූ බව එම සංගම් ප්රකාශයට පත් කළේය.
ගුරුවරුන්ගේ ගැටලුව පිලිබඳ සමාලෝචනය කිරීමට පත් කළ කැබිනට් අනු කමිටුවේ නිර්දේශ ගුරු සංගම් විසින් ප්රතික්ෂේප කිරීම නිසා මේ තත්වය ඇති වී තිබේ.
ඒ අනුව ගුරු සංගම් විසින් ඉදිරිපත් කළ සංශෝධන නැවත කැබිනට් මණ්ඩලයට යොමු කර ලබන අඟහරුවාදා යළි සාකච්ඡාවක් කැඳවීමට අගමැතිවරයා තීරණය කර ඇත.
මෙතෙක් පවත්වාගෙන යන වර්ජනය දිගටම ක්රියාත්මක බව ගුරු සංගම් විසින් නිවේදනය කළේය.