අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව විසින් තමන් ගොනු කර තිබූ චෝදනා ඉල්ලා අස්කර ගැනීම නිසා පාවෙන අවි ගබඩාක් නඩත්තු කිරීම සම්බන්ධව ගොනු කර තිබූ අල්ලස් නඩුවකින් ඇවන්ට් ගාඩ් ප්‍රධානී නිශ්ශංක සේනාධිපති නිදොස් කොට නිදහස් කර තිබේ.
ඒ සමගම මේජර් ජෙනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු ද මෙම නඩුවෙන් නිදහස් කර තිබේ.
අල්ලස් හෝ දූෂණ කොමිසම විසින්ම පැවරූ මෙම නඩුව එම කොමිසම විසින්ම ඉල්ලා අස්කරගැනීම විශේෂය.