fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පෙනුණු ඉලක්කය බොඳ වෙයි… අවසන් කඩුළු 03 ලකුණු 2කට බිඳ වැටෙයි… ඔස්ට්‍රේලියාවට ලකුණු 259ක ඉලක්කයක්!

චරිත් අසලංක හුදකලා සටනක... පන්දු 106ක දි ලකුණු 110ක්...

සති 2ක් ago
in ක්‍රීඩා
481 5
0
Share on FacebookShare on Twitter

ශ්‍රී  ලංකා ඉනිම 258කට සීමා වී තිබේ. තව ලකුණු 25ක් වත් ඉලක්කයක් ලබා ගනු ඇතැයි 46 වැනි පන්දු ඕවරය විට සිතිනි.  හත්වන කඩුල්ල වෙනුවෙන් වනිඳු හසරංග හා විශිෂ්ට පිතිකරණයක යෙදුණු චරිත් අසලංක විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් සිටියහ. 8 වැනි කඩුල්ල ලෙස ලකුණු 110කට චරිත් අසලංක දැවී යන විට ලකුණු 256කි.  ඉතිරි කඩුලු දෙක ලකුණු 02ක් අතර බිඳ වැටුණේය.

සිවු වන එක්දින තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙමින් ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දීය.  කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතීත අත්දැකීම් සහිතව පන්දු රැකීම තේරූහ.

ඔස්ට්‍රේලියානුවෝ ශ්‍රි ලංකා මුල් පෙළ සුනු විසුණු කළහ.  නිරෝෂන් දික්වැල්ල එක් ලකුණකි.  පසුගිය තරගය වර්ණවත් කළ පැතුම් නිශ්ශංක ලකුණු 13කි. කුසල් මෙන්ඩිස් ලකුණු 14කි. මේ මහා බිඳවැටීම මැද තරගයට යම්  බලාපොරොත්තුවක් ගෙන ආවේ ධනංජය ද සිල්වා සහ චරිත් අසලංකය. දැවැන්ත පීඩනය දරාගෙන  ලකුණු 34ට කඩුළු 03ක් බිඳ වැටී ඇති අවස්ථාවේ ලකුණු 101ක සම්බන්ධතාවයක් ගොඩ නගන්නට චරිත් අසලංක සහ ධනංජය ද සිල්වාට හැකි විය. ධනංජය සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. ඔහු ලකුණු 60කට දැවී ගියේය. අනෙක් අන්තය පෙරහර යනවා සේ බිඳ වැටෙද්දී අසලංක අල්ලාගෙන සිටියේය. ඔහු ලකුනු 110ක් ලබා ගත්තේය.  නායක දසුන් ශානක ලකුණු 04කට දුවද්දී දැවී ගියේය. දුනිත් වෙල්ලාලගේට ලබා ගත හැකි වූයේ ලකුණු 19කි. චාමික කරුණාරත්නට ලකුණු 07කි.

වනිඳු හසරංග නොදැවී සිටියේය.  48 වැනි ඕවරයේ එක් පන්දුවක්වත් ඔහු ක්‍රීඩා කලේ නැත. අනෙක් අන්තයේ සිටි මහීෂ් තීක්ෂණ පන්දු පහක් ක්‍රීඩා කළේය.  ලකුණු ලැබුණේ නැත. අවසන් පන්දුවට පැති මාරුවක් ඔස්ට්‍රේලියානුවෝ අපේක්ෂා කළහ. ඊට අවශ්‍ය ඉඩ ලබා දුන්නේය. මහීෂ් තීක්ෂණ මේ උගුලට හසුවුනේය. පැති මාරුනොකර අවසන් පන්දුව ඕවරය  ක්‍රීඩා කිරිමට සිටි වනිඳු හසරංග නොවිමසා  48 වැනි ඕවරයේ  අවසන් පන්දුවේ දී  කිසිම විමසීමකින් තොරව ලකුණක් ලබා ගැනීමට පැමිණි මහීෂ් තීක්ෂණ දුවද්දී දැවී ගියේය.

නියතවම මීට වඩා වැඩි ලකුණකට යා හැකිව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 258කට දැවී ගියේය.

පන්දු යැවීමේ දී ග්ලෙන් මැක්ස්වෙල්  ලකුණු 49කට කඩුල්ලක්, මැතිව් කුහ්නෙමන් ලකුණු 56ට කඩුළු 02ක්, පැට් කුමින්ස් ලකුණු 37ට කඩුලු 02ක්, මිෂෙල් මාෂ් ලකුණු 29ට කඩුළු 02ක්, ලැබූහ.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ඩොලර් 95ට ගන්න තිබ්බ ගෑස් ටොන් එක 129ට ගත්තු ඩීල් කාරයා කවුද? පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි!

Next Post

මැනිං වෙළෙඳපලේ මිනී මැරුම කෙසෙල්වත්ත පාතාල බලය වෙනුවෙන් මරා ගැනීමේ දිගුවක්!

Related Posts

ශ්‍රී ලංකාව ගාලු ක්‍රිකට් කතාවේ බිහිසුණුම පරාජය ලබයි…

ජූලි 1, 2022

ඔස්ට්‍රේලියානුවො පළමු ඉනිමේ දී ලකුණු 321ක් ලබති… ලකුණු 109ක් පිටුපසින් සිට ශ්‍රී ලංකාව ඉනිම අරඹයි..

ජූලි 1, 2022

කොල්ලො දිනුම්… අවුරුදු 31කට පසු තරගාවලි ජයක්… ඉතිහාසය වෙනස් කළ තරගාවලියක්….

ජූනි 22, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • වැලිකන්ද කන්දකාඩු කඳවුරේ ඝාතනය සම්බන්ධව හමුදාවේ 02ක් ගුවන් හමුදාවේ 02ක් අත්අඩංගුවට…
  • ඔබතුමා බොරු කළා… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව අප්‍රසාදය පලකරති.
  • වළලන්න යන රටකට ජීවිතය කියා දුන්න රත්තරන් කොල්ලා…
  • නිතිය නමා ඉහළ අණ පිලිපදින්න ගිය ගාල්ලේ පොලිස් ලොක්කා කුජීත වුණ හැටි…
  • ගෝඨාගෝගමේ ලහිරු වීරසේකර, රතකරව්වේ ජිනරතන හිමි සහ රැට්ටා ඇප ලබති….

ජනප්‍රිය පුවත්

  • නිතිය නමා ඉහළ අණ පිලිපදින්න ගිය ගාල්ලේ පොලිස් ලොක්කා කුජීත වුණ හැටි…

    250 shares
    Share 100 Tweet 63
  • වෛද්‍යවරුත් පැය 12ක් ඉන්ධන පෝලිම්වල… රෝහල් කටයුතු බිඳවැටේ… ප්‍රමුඛතාවට මිනිස්සු එරෙහි වෙති!

    216 shares
    Share 86 Tweet 54
  • ලංකාවේ ක්‍රිකට් ගිලින දඟ පන්දු බිල්ලා…

    209 shares
    Share 84 Tweet 52
  • විපක්ෂයේ සියලු පක්ෂ රට අගුළු දමන දැවැන්ත හර්තාලයකට සැරසෙයි…

    208 shares
    Share 83 Tweet 52
  • ඔබතුමා බොරු කළා… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව අප්‍රසාදය පලකරති.

    205 shares
    Share 82 Tweet 51
  • වළලන්න යන රටකට ජීවිතය කියා දුන්න රත්තරන් කොල්ලා…

    203 shares
    Share 81 Tweet 51

Highlights

නිතිය නමා ඉහළ අණ පිලිපදින්න ගිය ගාල්ලේ පොලිස් ලොක්කා කුජීත වුණ හැටි…

ගෝඨාගෝගමේ ලහිරු වීරසේකර, රතකරව්වේ ජිනරතන හිමි සහ රැට්ටා ඇප ලබති….

මාසෙකට 7500ක පඩියක් අරන් ජීවත් වෙන්න නොමැරී මැරෙන මිනිස්සු….

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නොසන්සුන් – දුම්රිය ස්ථානාධිපතිවරු නිවේදනය කරති!

කලින් නොදන්වා දුම්රිය වර්ජනයක් ඇරඹෙයි… මිනිස්සු අසරණයි…

ශ්‍රී ලංකාව ගාලු ක්‍රිකට් කතාවේ බිහිසුණුම පරාජය ලබයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

වැලිකන්ද කන්දකාඩු කඳවුරේ ඝාතනය සම්බන්ධව හමුදාවේ 02ක් ගුවන් හමුදාවේ 02ක් අත්අඩංගුවට…

by editor
ජූලි 1, 2022
0

මනම්පිටිය නිමල් ජයරත්න - වැලිකන්ද කන්දකාඩු...

ඔබතුමා බොරු කළා… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව අප්‍රසාදය පලකරති.

by editor
ජූලි 1, 2022
0

තමන්වහන්සේලා අවස්ථා කීපයකදී  ඉදිරිපත් කළ යෝජනා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist