ශ්‍රි ලංකාවට ගෑස් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය ප්‍රදානය කිරීමේදී වැඩි මිලට එය ලබා දුන් බවට පවතින චෝදනාව ට අගමැතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය රටට වහා පිළිතුරක් දිය යුතු බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර අද පාර්ලිමේන්තුවදී පැවසීය.
ගෑස් ටොන් එකක් ඩොලර් 95ට ගැනීමට තිබියදී එය මිලදී නොගෙන ඩොලර් 129ට ගැනීම පිළිබඳව මේ වනවිට එල්ල වී ඇති එම චෝදනාව බරපතල බවත් එයට අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය නිසි පිළිතුරක් නොදුනහොත් එහි වරද මේ මන්ත්‍රිවරුන් 225ටම පැටවෙන තත්ත්වයක් පත්ව ඇති බව ද ජයසේකර මන්ත්‍රිවරයා තවදුරටත් අවධාරණය කළේය.
“අපි 225ම හොරකම් කරල නෑ. මේ ඩීල් එක දාල තියෙන්නේ කැබිනට් මන්ඩලය. ඩොලර් 95ට ගන්න තියන එක ඩොලර් 129ට ගත්තේ ඇයි කියල කියන්න. නැත්නම් ඔක්කොම ගහන්නේ මේ 225ට. මේ ගැන කැබිනට් මණ්ඩලය උත්තර දිය යුතුයි.“
“ලංකාවේ ඉන්න මිනිස්සු හිතන්නේ පාර්ලිමේන්කුව රැස්වෙන හැම දවසෙම මේකට විසඳුමක් එයි කියල. එක්කො පාරලිමේන්තුව රැස්වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න. නැතිනම් මේක වහල ප්‍රශ්නය විසඳලා පසුව රැස්වෙන්න.“
මෙහිදී අදහස් දැක්වූ නිමල් ලන්සා මන්ත්‍රිවරයා මෙසේ කීවේය.
“මෙම ගෑස් මිලදී ගැනීම පිළිබඳව ප්‍රශ්නය තේරීම් කාරක සභාවක් පත්කොට විසදුමක් අරන් දෙන්න. ඒ සඳහා කතානායකවරයාටත් වගකීමක් තියනවා….“ ඔහු එහිදී පෙන්වා දුන්නේය.