අද (21) පෑලියගොඩ, මැනිං වෙළඳපොලේ දී වෙඩි තබා ඝාතනය කළ අඹ ශානක නැමත්තාගේ මරා දැමීම පසුපස කෙසෙල්වත්ත පාතාලයේ බලය තහවුරු කරගැනීම සඳහා ඇති මරා ගැනීමේ තවත් දිගුවක් බව විමර්ශන ආරංචි මාර්ග පවසයි.
මෙම ඝාතනය මෙහෙයවන්නේ දැනට ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටින ධනුක නැමැති පාතාලයා බව ද විමර්ශන අංශ සැක කරයි.
අඹ ශානක නැමැත්තා මින් පෙර අවස්ථා ගණනාවක දී ඝාතනය කරන්නට උත්සාහ කර ඇති බවත් එම ඝාතන උත්සාහයන් වලදී ඔහුගේ ජීවිතය බේරුණත් ඔහු සමග සිටි අය මිය ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මැනිං වෙළඳපොලේ පළතුරු කඩ කිහිපයක් හිමි ව්‍යාපාරිකයෙකි.
සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් තිබේ.
අද පස්වරුවේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලද පුද්ගලයා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව සඳහන් වේ.